අන්තිම වසර දෙකේ පිට පිට තරගාවලි 10 ක් පරාදයි. අද පිට පිට 5 වන පරාජය. 2016 සිට තරග 43 ක් පරාදයි. ලංකාව තරගයක් පරාජයවිමේ ප්‍රතිශතය 67% යි

අන්තිම වසර දෙකේ පිට පිට තරගාවලි 10 ක් පරාදයි. අද පිට පිට 5 වන පරාජය. 2016 සිට තරග 43 ක් පරාදයි. ලංකාව තරගයක් පරාජයවිමේ ප්‍රතිශතය 67% යි
ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියේ ජය හිමිකර ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම අද (20) සමත්වුණා. ඒ, පල්ලේකැලේ කී‍්‍රඩාංගනයේ පැවැති සිව්වන එක්දින කි‍්‍රකට් තරගයෙන් ලකුණු 18ක ජයක් වාර්තා කිරීමත් සමගින්.Image may contain: one or more people, people playing sports and outdoorසිව් වන එක්දින කි‍්‍රකට් තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 7 ක් දැවී ලකුණු 273 ක් රැස් කළා. දසුන් ශානක ලකුණු 66 යි. නිරෝෂන් දික්වැල්ල ලකුණු 52 කට දැවී ගියා. තිසර පෙරේරා දුවද්දී දැවී ගියේ ලකුණු 44 ක් රැස්කර සිටියදීයි. අකිල ධනංජය නොදැවී ලකුණු 32 ක් රැස් කළා. පන්දු යැවීමේදී මොයින් අලී ලකුණු 55 කට කඩුළු 2 යි. පල්ලෙකැලේ ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී තරගය පැවැත්වෙනවා.Image may contain: one or more people, people playing sports and outdoorවර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා මෙම තරගයේද ජය තීරණය වුණේ ඩක්වත් සහ ලූවිස් න්‍යායට අනුවයි. පළමුවෙන් පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 273ක් රැස් කළා. එම ඉලක්කය හඹා ගිය එංගලන්ත කණ්ඩායම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වන විට පන්දුවාර 27ක් අවසානයේ කඩුළු 02ක් දැවී ලකුණු 132ක් ලබා සිටියා. ඒ අනුව මෙම තරගාවලියේ තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී 3 ට 0ක් ලෙස තරගාවලිය ජය ගැනීමට එංගලන්තය සමත්වුණා. ශී‍්‍ර ලංකා කණ්ඩායම අවසන්වරට සහභාගී වූ එක්දින තරගාවලි 10දී මෙතෙක් එක් ජයග‍්‍රහණයක් හෝ වාර්තා කිරීමට සමත්වී නැහැ. ශී‍්‍ර ලංකා එංගලන්ත පස්වන සහ අවසන් එක්දින තරගය ලබන 23වනදා කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. එසේම මේ වන විට නැවත පිට පිට 5 වන තරගයත් පරාජයත් ලංකාව ලබන්නේ දකුණු අප්‍රිකා තරගාවලියේ අවසන් තරග දෙක ජගගනිමෙන් පසුයි. එසේම කණ්ඩායම් 2 ක් සහභාගිවූ තරගාවලියක් 2016 පසු ලංකාව ජයගෙන නැ. ඉන් අනතුරුව තරගාවලි 13 කට සහභාගිවූ ලංකාව ජයගෙන තිබෙන්නේ තුන්කොන් තරගාවලි 2 ක් පමණක් වන අතරඑයින් එකක් බංගලි ලංකා සිම්බාබ්වේ මේ වසර මුල තරගාවලියයි. අනෙක් තරගාවලි 10 ම පරාජයට පත්වී බංගලි තරගාවලියක් ජය පරාජයකින් තොර වී තිබෙනවා. 2016 සිට 2018 දක්වා තරග 64 කින් ලංකාව ජය ලබා තිබෙන්නේ තරග 16 ක් පමණයි. එයින් තරග 4 ක් තීරණයක් නැති ඒවා වන අතර 1 තරගයක් ලකුණු සම වී තිබෙනවා. ඒ අනුව ලංකාව අවසන් වසර 2 ක කාලය තුල තරග 43 ක් පරාජයට පත්වී තිබෙනවා. එය 67% ක පරාජය වීමේ ප්‍රතිශතයක්.