අනුෂ්කා ශර්මා නිසා කෝලි තරග පරදින බව කියූ මතය වෙනස් වෙයි තුන්වන ටෙස්ට් ජයේ ගරුත්වය නායක කෝලි අනුශ්කාට ලබා දෙයි

අනුෂ්කා ශර්මා නිසා කෝලි තරග පරදින බව කියූ මතය වෙනස් වෙයි තුන්වන ටෙස්ට් ජයේ ගරුත්වය නායක කෝලි අනුශ්කාට ලබා දෙයි
තමා දැක්වූ සියලු දස්කම් වල ගෞරව තම බිරිඳ අනුෂ්කා ශර්මාට හිමිවිය යුතු බවත්. ඇය නිරන්තරයෙන් තමාව ධෛර්යමත් කරන බවත් ඉන්දියානු නායක විරාත් කෝලි ප්‍රකාශ කළා. ඒ නිමාවූ එංගලන්ත ඉන්දියා තෙවන තරඟය ලකුණු 203කින් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවයි. මෙම තරඟයේ සුවිශේෂි දස්කම් දැක්වූ කෝලි පළමු ඉනිමේ ලකුණු 97ක් හා දෙවන ඉනිමේදී ලකුණු 103ක් රැස් කළා.තරඟයේ වීරයා සම්මානය හිමිකරගත්තේද ඔහුයි. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 329ක් රැස්කළ අතර, එංගලන්ත පළමු ඉනිම ලකුණු 161කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වුණා.Image result for india vs england 3rd testඅනතුරුව දෙව ඉනිම සඳහා පිටියට පිවිසි ඉන්දීය පිල ලකුණු 352ක් ලබාගෙන සිටියදී ඉනිම අත්හිටුවමින් ලකුණු 521ක දැවැන්ත ඉලක්කයක් ඉන්දියාවට ලබාදුන්නා. කෙසේ වෙතත් එංගලන්ත කණ්ඩායම ට සියලු දෙනා දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 317ක් පමණක් වූ අතර ජොස් බට්ලර් ලකුණු 106ක් රැස් කළා.Image result for india vs england 3rd test anushka sharmaතරඟ පහකින් යුතු ටෙස්ට් තරඟාවලියේ මෙතෙක් පැවති තරඟ 3න් දෙකක් ජයග්‍රහණය කරමින් මේ වන විට ඉිදිරටෙයන් සිටින්නේ එංගලන්ත කණ්ඩායමයි