අපි කිසිදිනක නොසිතන හිටපු සුපිරි වේග පන්දු යවන්නෙක්ට තරග පාවාදීම් චෝදනා දුරකථනය අයිසිසි භාරයට. කොලොම්බියා පාපන්දු කණ්ඩායම වගේ ලංකා ක්‍රිකට් අවධානමේ

අපි කිසිදිනක නොසිතන හිටපු සුපිරි වේග පන්දු යවන්නෙක්ට තරග පාවාදීම් චෝදනා දුරකථනය අයිසිසි භාරයට. කොලොම්බියා පාපන්දු කණ්ඩායම වගේ ලංකා ක්‍රිකට් අවධානමේ
ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක‍්‍රීඩක නුවන් සොයිසාගෙන් ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ නිලධාරීන් ප‍්‍රකාශයක් ලබාගෙන තිබෙනවා. තරග පවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ඔහුගෙන් කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අදාළ ප්‍රකාශය ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ. දැනට වේග පන්දු පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන ඔහු ක‍්‍රිකට් පුහුණු සැසියකට සහභාගී වී සිටියදී ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් මෙලෙස ප්‍රශ්න කිරීමට ලක්කර ඇති අතර ඔහුගේ ජංගම දුරකතනය ද එම නිලධාරීන් භාරයට ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. (neth fm) අප කිසිදිනක නොහිත ක්‍රීඩකයන් මේ පසු පස සිටිමනම් ඉතාම කණගාටුදායක කරුණක්. ක්‍රිකට් ප්‍රේමින් මේ නම ඇසීමත් සමග කම්පනයකට පත්වනු නොඅනුමාන වන්නේ සොයිසා ක්‍රීඩා කරන කාලයේ ඉතා හොදින් දස්කම් අතර සිටි නිසයි. මෙවැනි පුද්ගලයන් ජාතික කණ්ඩායම් පුහුනුකරුවන් ලෙස ඇතුලේ සිටීමෙන් වන්නේ තවත් මේ මාෆියාවට තරුණ ක්‍රීඩකයන් අසු කරගැනීමට පහසු වීමයි. අර්ජුන වැනි පරණ ක්‍රීඩකයන් මේ ඇතුලත දරුණු මාෆියාවක් ඇතියි පැවසීම පුදුම කරුණක් නොවේ. නවතම තොරතුරු අනුව මේ පසු පස ලංකාවේ සංවිධානාත්මක අපරාධ කල්ලි නැතිනම් පාතාලයද සෘජුව සම්බන්ධ බවයි තොරතුරු වාර්තා වන්නේ. රටේ හැමතැනකම වාගේ දුෂිත බුවල්ලා ක්‍රිකට්ද නැවත ගොඩ ගැනීමට නොහැකි තරම් ගිලගෙන ඇති බවයි පෙනී යන්නේ. මෙය ලෝකයේ ජනප්‍රිය දකුණු ඇමරිකානු පාපන්දු කණ්ඩායමක් වන කොලොම්බියා කණ්ඩායමට වී ඇති ඉරණම අපේ කණ්ඩායමේ ඇතුලතද හිමිව ඇතිදැයි ප්‍රශ්නයක්. කොලොම්බියා පාපන්දු කණ්ඩායම මෙවර ලෝක කුසලානයෙන් විසිවී ගිය විට ක්‍රීඩකයින් රටට යාම ප්‍රතික්ෂේප කලේ එම කණ්ඩායම් වල ක්‍රීඩකයන්ට වියදම් කරන්නේ මත්ද්‍රව්‍ය වෙලදාම් කරන මිනීමරු පාතාල කණ්ඩායම් නිසාවෙන්. ඔවුන් තර්ජනය කලේ ආ විගස මරා දමන බවයි.Image result for colombia football player shot1994දී ලෝක කුසලාන තරගයක් පරාජය වීමට හේතුවූ ක්‍රීඩකයෙක් ලෙස ඔවුන් නම් කල අන්ද්‍රස් නම් ක්‍රීඩකයා වෙඩි තබා මරා දමන තැනට ක්‍රීඩාවට පාතාලය මුදල් මාෆියා සම්බන්ධ වීම ඉතා බයානක එකකි. ලංකාවේ වෙනස ජයග්‍රහණය කිරීම අවධානමක්ද යන්නයි. වරක අර්ජුන පාර්ලිමේන්තුවේදී පවා පවසන්නේ ලංකාවේ ක්‍රිකට් මාෆියාව ගැන කතා කිරීමට තමන් බය බවයි. ඒ තරම් මෙහි භයානක කණ්ඩායම් සිටින වග ඔහු පැවසුවේ මෙහි ඇතුලත මාෆියා බුවල්ලා කොතරම් ගිලගෙන ඇතිදැයි දැන් අපට වැටහේ. මුදල් රස දන්නෝ මෙය කිසිදිනක අත් නොහරින බවනම් අනිවාර්යයි. අයිසිසි දුෂණ මර්ධන ප්‍රධානියා රටේ ජනාධිපති හා අගමැති දැනුවත් කල බවද පවසනවා. තත්වය ඉතාම දරුණු බව දැන් පැහැදිලි. රටේ පාලනයට මේ ක්‍රිකට් රැකගැනීමටද නොහැකි වන බවත් දැන් පැහැදිලි. රටේ ක්‍රිකට් තියා රටේ වැලිකැටයක්වත් රැකගැනීමට නොහැකි පාලකයන් ක්‍රිකට් දැන්වත් රැකගැනී යන්න සිතීමත් විහිළුවක්. ටෙස්ට් වරම් අහිමිවී රටට ලැබෙන බිලියන ගණනක ඩොලර් ප්‍රමාණයත් අහිමිවීම ඉතාම අතලග වන අතර මේ රටේ කිසි දෙයක් පිළිබද බලාපොරොත්තු නොතබා දේශපාලනික සංස්කෘතික ආර්ථික ආකල්ප අතින් සොමාලියාවක් වෙමින් යන මේ අදුරු දුපතෙන් හැකි පමණින් නික්ම යාම ඔබෙත් මගෙත් ජිවිත වලට හිතකර බව කණගාටුවෙන් සටහන් කර තබමි.