අළුත ආපු ෆිසියෝ යුරෝපා පාපන්දු කණ්ඩායම්වල වගේ වැඩේ පටන්ගයි. ක්‍රිකට් තරගයක මහන්සි වෙන තරම හොයන්න උපකරණයක්

අළුත ආපු ෆිසියෝ යුරෝපා පාපන්දු කණ්ඩායම්වල වගේ වැඩේ පටන්ගයි. ක්‍රිකට් තරගයක මහන්සි වෙන තරම හොයන්න උපකරණයක්
මෙවර නිදහස් කුසලාන තරගාවලියේ සිට ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව පෙන්නුම්කරන ‘GPS’ උපරකරණයක් පැළඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රීඩා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ යෝග්‍යතා පුහුණුකරු (Fitness trainer) නික් ලී, සඳුදා (මාර්තු 12) කොළඹදී විදේශ මාධ්‍යවේදීන් පිරිසක් සමග පැවති හමුවකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් භාවිතා කරන මෙම නවතම උපාංගය ගැන මාධ්‍ය දැනුවත් කළේය. මෙමගින් ක්‍රීඩා පිටියේ සිටින ක්‍රීඩකයන්ගේ සියලු අංග චලනයන් දත්ත ලෙස එක්කාසු වී ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව ගැන තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු ලැබෙන බව ඔහු පැවසුවේය. “දැන් බංගලාදේශය සමග තරගය ගත්තොත්, දුවපු ප්‍රමාණයේ ඉඳලා සෑහෙන තොරතුරු ගබඩා වෙනවා. ඒවා ක්ෂණිකව අපේ තිරය මත දිස්වෙනවා. එතකොට මට පුහුණුකරු සමග එක්ව ඔවුන්ට අවශ්‍ය පුහුණුවීම් සැලසුම් කරන්න පුළුවන්” යනුවෙන් නික් ලී කියා සිටියේය. “අපි ඒ උපකරණය පැළඳ ගෙන ක්‍රීඩා කරා. ඇත්තටම හොඳ දෙයක්. පන්දු රැකීමේදී තමයි ගොඩක් වැදගත. පන්දුවට පහරදීමේදී සමහර ක්‍රීඩකයන් ඒක පළඳින්න කැමති නැහැ. මොකද ඒගොල්ලෝ කැමතියි සුපුරුදු විදිහට ක්‍රීඩාකරන්න. මානසික දෙයක් ඒක” ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෙකු නව උපකරණය ගැන බීබීසී සිංහල සේවය වෙත දැක්වුයේ එවැනි අදහසකි. මේ අතර ස්පාඤ්ඤයයේ බාසිලෝනා කණ්ඩායම භාවිතා කරන ක්‍රීඩකයන් කළමනාකරණය කිරීමේ මෘදුකාංගයක්ද ශ්‍රී ලංකාව මිලදී ගෙන ඇති අතර ඒ අනුව ජාත්‍යන්තර කණ්ඩායමක් සතු නවීන තාක්ෂණය ශ්‍රී ලංකා කණ්ඩායමටද දැන් ඇති බව මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල පැවසුවේය. නිදහස් කුසලාන තරගවලියේ ඉන්දියාව සමග සඳුදා පැවති තරගයෙන් පරාජයට පත්වීමත් සමග තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට නම් ශ්‍රී ලංකාවට බංගලාදේශයට සමග සිකුරාදා (මාර්තු 16) පැවැත්වෙන තරගය ජයග්‍රහණය කිරීම අනිවාර්ය වී තිබේ.විශේෂ මතක් කිරීමක් අපගේ පුවත් දිගින් දිගටම cricket.lk, one team one nation යන page අපේ IMAGE එක්කම බොහෝ පුවත් COPY කරමින් ඒවාට බොරු heading දමමින් නිර්ලජ්ජිත ලෙස ක්‍රිකට් ක්‍රීඩාවට ආදරෙයි බව පෙන්වමින් යටිකුට්ටු දේශපාලනයක් කරමින් යයි. කණ්ඩායමේ බේද ඇති කරමින් ප්‍රවීන නම ගිය ලෝක පුජිතයන්ගේ නම් වලට මඩ ගසමින් දකින දකින හැම එකම වරදක් පමණක් පෙන්වමින් ක්‍රීඩා ලෝලීන් බෙදා ජාතිබේද පිල් බෙදා හැදීමට උත්සහා කරමින් සිටි. මෙය මෙහෙයවනු ලබන්නේ ඔහුගේ නමින් පහරක් හදුන්වා දී ඇති හිටපු ආරම්බක පිතිකරුවකු වන අතර මෙහි එක පුද්ගලයකු පුද්ගලික ගුවන්විදුලි නාලිකාවක සේවය කරන්නෙක් මෙන්ම කැත මඩ ගසන අන්තවාදී ලෙස පක්ෂ දේශපාලනය කරන පේජ් ගණනාවක් ඇති කල්ලියකි.මොවුන්ගෙන් ඉල්ලීමක් අප කළා අපගේ ඉමේජ් පාවිච්චි නොකර නිවුස් කොපි කරගත්තාට කමක් නැ යන්න. එහෙත් විනයක් හෝ මනුස්සකමක් නැති මුදල් පසු පසුපස යමින් තමන්ගේ කල්ලිය ගොඩ දමා ගැනීමට සමාජ මාධ්‍ය බාවිතා කරන කියන්නටත් කණගාටු වසලයන් කණ්ඩායමක් බව ඔබ දැනුවත් කිරීම අපගේ යුතුකමයි. ඒ ඔවුන් කිසිදු විනයක් ඇති උන් නොවන අතර මෙම කැත වැඩේ ඔවුන් නතර නොකරන බවද අපි දනී. අපත් මේ කොටස ලංකාව දැනගන්න තුරු සෑම පුවතකම පල කිරීමට තිරණයක කළා. ඔවුන්ගේ ක්‍රිකට් page ඇතුලත දේශපාලන post දැකිය හැකි. නෙල්ලි හා එක්සත් බොදනුවා, sri lankan cricket fan ඔවුන්ගේ page වේ.එසෙ ඔවුන් කාලෙන් කාලෙට එක එක ක්‍රීඩකයන් කපා එක එක අය උඩ දැමීමට මුදල් ගන්න වගද කිව යුතුය. මේ දිනවල කරන කොන්තරාත්තුව එම page බලන විට හැගියයි. එයට තමන්ගේ දේශපාලන මතයට යටින් උදව් කරන්නාවූ අය බවද කිව යුතුයි. අපට එක ක්‍රීඩකයකු ගැන විශේෂයක් නැති අතර අප මේවා කරන්නේ රටේ ක්‍රීඩාව ගැන ඇති ආදරයටයි. එසේ කරන අපගේ මහන්සියට මොවුන් පයට පෑගෙන දුවිල්ලක් තරම්වත් ගණන් නොගෙන වක්‍රව මුදල් වලට අපවත් විකුණන් කෑම කනගාටුවට කාරණයකි.