ඉතිහාසයේ කිසිම දිනක ප්‍රධාන තරගාවලියක් ජයගෙන නැති බංගලියන් දෙවන වතාවටත් මහා බලාපොරොත්තු තබයි. ආසියානු කුසලානය අද අවසන්

ඉතිහාසයේ කිසිම දිනක ප්‍රධාන තරගාවලියක් ජයගෙන නැති බංගලියන් දෙවන වතාවටත් මහා බලාපොරොත්තු තබයි. ආසියානු කුසලානය අද අවසන්
13 වන ආසියානු කුසලානය ජයගැනීමේ අරමුණින් ඉන්දියාව හා බන්ගලියන් අද තරග බිමට පැමිණෙනවා. ඉන්දියාව අද ජයගතහොත් ආසියා ශුරයින් ලෙස කිරුළු පළදින 7 වන අවස්තාව එයයි.Image result for bangladesh vs indiaබන්ගලියන් 2012 දී අවසන් තරගයට පැමිණියත් පකිස්තානය අතින් පරාජය වූ නිසා ඔවුන්ගේ පළමු ප්‍රධාන තරගාවලියක් ජයගැනීමේ සිහිනය බොද වූ අතර ඉන් පසු අවසන් තරගයකට පැමිණීමට ඔවුන්ට හැකියාවක් නොලැබුනි. බලන්ගලියන් අද තරගය ජයගතහොත් වසර 10 ක 15 ක සිට එක දිගට ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ගේ කණ්ඩායම ලබන විශාලම ජයග්‍රහණය මෙය වන අතර එහි ප්‍රභල කොටසක් හිමිවන්නේ හිටපු පුහුණුකරු චන්දිකගේ මහන්සිය වෙනුවෙනි. එහෙත් ඔවුන් චන්දික සමග විරසක නිසා එවන් නිහතමානි ප්‍රකාශයක් කරාවිද යන්න ප්‍රශ්නයක්. බංගලාදේශයේ තමින් ඉක්බාල් වගේම අවසන් තරගයේ සකිබ් අල්හසෙන් ද ක්‍රීඩා න්කලේ ආබාධ නිසයි. එහෙත් ලංකාවේ ජයග්‍රහණය වගේම පකිස්තානයේ ජය තහවුරු කල ජෙෂ්ට ක්‍රීඩක රහීම් සහා නවකයින්ගේ වගකීම කැපවීම අධිශ්ටානය පෙන්වූ මොහොමඩ් මිතුන් මේ තරගාවලියේ හොදින්ම ක්‍රීඩා කරමින් සිටි. එසේම පන්දු යැවීමේදී මෙහෙදී හසන් වැනි නවක ක්‍රීඩකයන්ද පළපුරුදු ක්රිදකයින්ද හොදින්ම දක්ෂතා වල සිටි.Image result for bangladesh vs indiaරුමේෂ් රත්නායක සහ වර්තමානයේ චම්පක රාමනායක වේග පන්දු පුහුණුකරුවන් ලෙස බන්ගලියන් ඉතා හොද තත්වයකට ගෙන තිබෙන අතර බිපිඑල් වැනි ලිග් තරග නිසා ඔවුන්ගේ ක්‍රිකට් ලංකාවේ ක්‍රිකට් වලට වඩා සිය ගුණයක් ඉහලට හෝස් තිබේ. මේ බන්ගලියන් නිර්මාණය කල වීඩියෝවක්කෙසේ වෙතත් අද තරගයට ඔවුන්ගේ ජෙෂ්ටයින් දෙදෙනා අහිමි වීම දැඩි අවාසනාවක්. ඒ තමීම් සහ ෂකිබ්. බන්ගලියන් තමන් මුහුණ දුන් අවසන් තරග 5 න් 3-2 ලෙස ජයගෙන ඇති අතර ඉන්දියාව අවසන් ඇෆ්ගන් තරගය ලකුණු සම වීම හැරෙන්නට ඉතිරි තරග 4 ම ජයගෙන තිබෙනවා. ඉන්දියානු කණ්ඩායම හොඳම කණ්ඩායම නොවුනත් ක්‍රීඩා කරන්නේ තවත් එළියේ සිටින ක්‍රීඩකයින් අපමණ වන අතර ඖතින් පැමිණෙන සියල්ලන්ම පරණ ක්‍රීඩකයාගේ ස්ථානය අහිමි වීමට තරම් දස්කම් අතර සිටි. කලක් එක්දින පිටිය පෙරළු අශ්වින්ට සහා දඩේජාටද ස්ථාන අහිමි අතර දඩේජා පැමිණෙන්නේ පාන්ඩයගේ අබාදයෙන් පසුවයි.Image result for bangladesh vs indiaකෝලි ක්‍රීඩා නොකරන අතර ශර්මා සහ දවාන් විශිෂ්ට සදස්කම් අතර සිටි. පන්දු යැවීමේදී කුල්දිප් චෙහෙල් බුම්රා විශිෂ්ට ලෙස සිටි. මේ ලොව අංක එකේ කණ්ඩායම බවට පත්වීමේ ප්‍රසිද්ධ රහසයි. ඔවුනට තව වසර 10, 15 කට ක්‍රීඩකයින් සිටි. ඔවුන් එය සොයාගත්තේ අයිපිඑල් ලිග් තරාවලියෙන්. අතීතයේ ඉන්දීය වේගපන්දු යවන්නන් සනත්ගේ ප්‍රහාරයට ලක්වන විට එයට විකල්ප ක්‍රීඩකයකු සොයාගන්නටවත් ක්‍රීඩකයින් ඔවුන්ට සිටියේ නැත.එහෙත් අද අපේ ක්‍රිකට් වසර 20 යන තැන කඩා වැටීමත් ඉන්දියාව බංගලාදේශය ඇෆ්ගනිස්තානය වසර 20 ඇතුලත ක්‍රිකට් දියුණු කිරීමත් අතර ඇත්තේ දුර්වල සැලසුම් දුර්වල පාලනය හා ගසාකෑම බව නොරහසක්. අද (28) සවස 5 ට ඩුබායි හිදී ආසියානු ශුරයින් තේරීමට අවසන් තරගය පැවැත්වෙනු ඇති.