ඉන්දියාවේ වෙලත් ධවාන් ප්‍රේක්ශකාගාරය පැත්තට හැරිලා ආචාර කලා. කුසල් තරංග හිටියා හැරිලවත් බැලුවේ නෑ – ප්‍රේක්ශකයෙක්ගේ සටහන

ඉන්දියාවේ වෙලත් ධවාන් ප්‍රේක්ශකාගාරය පැත්තට හැරිලා ආචාර කලා. කුසල් තරංග හිටියා හැරිලවත් බැලුවේ නෑ - ප්‍රේක්ශකයෙක්ගේ සටහන
ඊයේ තරගයේ සිදුවීමක්  පිළබඳ තරුණයකු විසින් තැබූ අපුරු සටහනකි මමත් ඊයේ තිබ්බ මැච් එක බලන්න ප්‍රේමදාස ග්‍රවුන්ඩ් එකට ගියා. මැච් එක පටන් ගන්නකම් නොඉවසිල්ලෙන් බලන් හිටියේ. මොකද පින්න නිසා මැච් එක පටන් ගන්න පරක්කු වුන නිසා. කෝමෙන් කෝම හරි ටොස් එක දාලා ඉන්දියාව බෝල් කරන්න ආපු වෙලාවෙ ඉඳන් ෆීල්ඩ් කරලා ඉවර වෙනකම් ඉන්දීය ආරම්භක පිතිකරු ශිඛර් දවාන් හිටියේ අපි හිටපු තැන ලඟින්මයි. ප්‍රේක්ශකාගාරයේ හිටපු අපි ලංකාවට සපෝට් කරද්දි ශිඛර් දවාන් අපිත් එක්ක සුහදව හිනාවෙලා අත වැනුවේ බොහොම ලෙන්ගතු කමකින් බව තේරුණා. කිසිදු ආඩම්බරකමක් නොමැතිව නිතරම හිනා වෙමින් අත වනමින් ප්‍රේක්ශකාගාරය එක්ක සුහදව ඉන්න කලාව ඔහු මනාව ප්‍රගුණ කර තිබුනා.තවත් එක උදාහරණයක් තමයි සුරංග ලක්මාල් පන්දුවේ මාර්ගයට අවහිර කිරීමේ චෝදනාවට ලක්වූ අවස්ථාව. එම අවස්තාවේ ප්‍රේක්ශකාගාරය අදහාගත නොහැකිව දෙගිඩියාවෙන් සිටි මොහොතක ඒ දෙසට හැරුණු ශිඛර් දවාන් අතින් පෙන්වූයේ ලක්මාල් නොදැවුණු ක්‍රීඩකයෙක් බවත් ප්‍රේක්ශකාගාරයට බිය වීමට අනවශ්‍ය බවත්ය. තවද පලමු ඉනිම අවසන ප්‍රේක්ශකාගාරය දෙසට හැරී හාදුවක් පවා ලබාදීමෙන් පසුවය ශිඛර් දවාන් යලිත් විවේකාගාරය කරා ගමන් කරේ. මෙබඳු හැසිරීමක් ඉන්දීය ක්‍රීඩකයෙක්ගෙන් බලාපොරොත්තු විය හැකිද? මට නම් එය අදහාගත නොහැකි කරුණක්ම විය. කණගාටුවට කරුණ වනුයේ ශ්‍රී ලංකාව පන්දු රැකීමේ අවස්ථාව එලැඹි විටය. අප සිටි ස්ථානයේ කුසල් මෙන්ඩිස් හා උපුල් තරංග පන්දු රැක්කද ඔවුන් ප්‍රේක්ශකාගාරය දෙස එකදු බැල්මක් හෝ නොහෙලුවේය. උගුර ලේ රහ වනතුරු කෑගසමින් ඔවුන් දිරිගන්වන ප්‍රේක්ශකයන් වෙත ඔවුන් දක්වන ගරුත්වයද මේ? “මුන් එක්ක බලද්දි ශිඛර් දවාන් කොච්චර හොඳද” යනුවෙන් මා අසල සිටි තරුණයෙක් පැවසුවේ ඔහුටත් මෙම සිතුවිල්ලම ඇතිවූ නිසා නොවේද? ප්‍රේක්ශකාගාරය ඔවුන්ගේ නම කියා ආමන්ත්‍රණය කරනා විටක වුවද එය දෙසට මොහොතක්වත් දෑස් යොමු නොකිරීමට තරම් උද්දච්ඡ පිරිසක්ද මොවුන්? කෙසේ හෝ අවසන සිදු වූයේ ඊයේ c-block එකේ සිට තරඟය නැරඹූ බහුතරයකගේ සිත දිනාගැනීමට ශිඛර් දවාන් නම් සොඳුරු ක්‍රීඩකයා සමත් වූ බවම පමණකි… ප.ලි. මෙය හදවතින්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කෙරෙහි ආදරය කරනා ෆෑන් කෙනෙකුගේ සිතුවිල්ලකි. ඉන්දියාවට කඩේ යනවා යැයි පවසා රෙදි උස්සාගෙන බැනීම අනවශය බව කරුණාවෙන් සලකන්න. උපුටා ගැනීමකි-Face bookවිශේෂ මතක් කිරීමක් අපගේ පුවත් දිගින් දිගටම cricket.lk, one team one nation යන page අපේ IMAGE එක්කම බොහෝ පුවත් COPY කරමින් ඒවාට බොරු heading දමමින් නිර්ලජ්ජිත ලෙස ක්‍රිකට් ක්‍රීඩාවට ආදරෙයි බව පෙන්වමින් යටිකුට්ටු දේශපාලනයක් කරමින් යයි. කණ්ඩායමේ බේද ඇති කරමින් ප්‍රවීන නම ගිය ලෝක පුජිතයන්ගේ නම් වලට මඩ ගසමින් දකින දකින හැම එකම වරදක් පමණක් පෙන්වමින් ක්‍රීඩා ලෝලීන් බෙදා ජාතිබේද පිල් බෙදා හැදීමට උත්සහා කරමින් සිටි. මෙය මෙහෙයවනු ලබන්නේ ඔහුගේ නමින් පහරක් හදුන්වා දී ඇති හිටපු ආරම්බක පිතිකරුවකු වන අතර මෙහි එක පුද්ගලයකු පුද්ගලික ගුවන්විදුලි නාලිකාවක සේවය කරන්නෙක් මෙන්ම කැත මඩ ගසන අන්තවාදී ලෙස පක්ෂ දේශපාලනය කරන පේජ් ගණනාවක් ඇති කල්ලියකි.මොවුන්ගෙන් ඉල්ලීමක් අප කළා අපගේ ඉමේජ් පාවිච්චි නොකර නිවුස් කොපි කරගත්තාට කමක් නැ යන්න. එහෙත් විනයක් හෝ මනුස්සකමක් නැති මුදල් පසු පසුපස යමින් තමන්ගේ කල්ලිය ගොඩ දමා ගැනීමට සමාජ මාධ්‍ය බාවිතා කරන කියන්නටත් කණගාටු වසලයන් කණ්ඩායමක් බව ඔබ දැනුවත් කිරීම අපගේ යුතුකමයි. ඒ ඔවුන් කිසිදු විනයක් ඇති උන් නොවන අතර මෙම කැත වැඩේ ඔවුන් නතර නොකරන බවද අපි දනී. අපත් මේ කොටස ලංකාව දැනගන්න තුරු සෑම පුවතකම පල කිරීමට තිරණයක කළා. ඔවුන්ගේ ක්‍රිකට් page ඇතුලත දේශපාලන post දැකිය හැකි. නෙල්ලි හා එක්සත් බොදනුවා, sri lankan cricket fan ඔවුන්ගේ page වේ.එසෙ ඔවුන් කාලෙන් කාලෙට එක එක ක්‍රීඩකයන් කපා එක එක අය උඩ දැමීමට මුදල් ගන්න වගද කිව යුතුය. මේ දිනවල කරන කොන්තරාත්තුව එම page බලන විට හැගියයි. එයට තමන්ගේ දේශපාලන මතයට යටින් උදව් කරන්නාවූ අය බවද කිව යුතුයි. අපට එක ක්‍රීඩකයකු ගැන විශේෂයක් නැති අතර අප මේවා කරන්නේ රටේ ක්‍රීඩාව ගැන ඇති ආදරයටයි. එසේ කරන අපගේ මහන්සියට මොවුන් පයට පෑගෙන දුවිල්ලක් තරම්වත් ගණන් නොගෙන වක්‍රව මුදල් වලට අපවත් විකුණන් කෑම කනගාටුවට කාරණයකි.