එංගලන්ත එක්දින තරගාවලිය ඉන්දියාව පරාජය සමග ලෝක කුසලාන දෙකක් දිනා දුන් නායකයා ලකුණු 10000 පසුකල ලොව දෙවැන්නා දෝනිට ඉන්දියානුවෝ හූ කියයි

එංගලන්ත එක්දින තරගාවලිය ඉන්දියාව පරාජය සමග ලෝක කුසලාන දෙකක් දිනා දුන් නායකයා ලකුණු 10000 පසුකල ලොව දෙවැන්නා දෝනිට ඉන්දියානුවෝ හූ කියයි
ඉන්දීය සුපිරි ක්‍රීඩක මහේන්ද්‍රසිං දෝනි ජාත්‍යන්තර එක්දින පිටියට ඉතා ඉක්මණින්ම සමුදෙනු ඇතැයි ඇතැම් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මේ වන විට එක්දින ජාත්‍යන්තර තරඟ 321කට ක්‍රීඩා කර ඇති දෝනි පසුගියදා ලකුණු 10 000 සීමාවද පසුකර ගියා. ලෝක කුසලාන දෙකක් දිනා දුන් නායකයා ලකුණු 10000 පසුකල ලොව දෙවන කඩුලු රකින්නා 4 වන ඉන්දියානුවා වුවත් කාලගුණ නොදත් මිනිසුන් ලෙස සමුගැනීම අවසානයේ තරග පරාජය හේතුවුයේ ඔහුගේ පිතිකරණය බව පෙන්වමින් විරෝධත්වය පෑම කනගාටු දායක කාරණයක්කෙසේ වෙතත් නිමාව දුටු ඉන්දියා – එංගලංත එක්දින තරඟාවලියේදී දෝනි දැක්වූ දක්ෂතා පිළිබඳ එරට මාධ්‍ය මෙන්ම ප්‍රෙක්ෂකයන්ද විවේඡන ඉදිරිපත් කරමින් තිබෙනවා. තරඟාවලියේ දෙවන තරඟයේදී ඔහු පන්දු 59කදී ලකුණු 37ක් රැස් කළ අතර, තෙවැනි තරඟයේදී පන්දු 66කදී ලකුණු 42ක් රැස් කළා. එම තරඟ දෙකේදීම දෝනි නිසා ඉන්දීය ඉනිමේ ලකුණු වේගය අඩුවූ බවත් ඔහු නිසා කණ්ඩයාමේ අනෙක් පිතිකරුවන්ටත් පීඩනයක් එල්ලවන බවත් ඇතැමුන්ගේ අදහස වී තිබෙනවා. දෙරට අතර පැවති දෙවන තරඟයේදී වරෙක ඉන්දීය ප්‍රෙක්ෂකයන් විසින් බූ හඬ නගමින් දෝනිට විරෝධය පළකරනුද දැකගන්නට ලැබුණා. මේ අතර ඊයේ (17) තරඟය අවසන් වීමෙන් පසු, ක්‍රීඩා කළ පන්දුව දෝනි විසින් විනිසුරුවරුන්ගෙන් ඉල්ලා ගත් ආකාරයත් කැමරා කාචයට හසුව තිබූ අතර මේ නිසා ඔහු ඉක්මණින්ම එක්දින පිටියට සමුදෙනු ඇතැයි අතැම් දෙනා විශ්වාසය පළකරනවා.සංචාරක ඉන්දීය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවති එක්දින තරඟාවලියෙන් තරඟ 2කට 1ක් ලෙස ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය ඒ ඊයේ (17) පැවති තෙවන එක්දින තරඟයෙන් කඩුලු 8ක ජයක් ලබා ගැනීමත් සමගිනි. තරඟයේ පළමුවට පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 256ක් රැස්කළ අතර එහිදී ඉන්දීය කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක විරාත් කෝලි ලකුණු 71 රැස් කළේය. එංගලන්ත දඟ පන්දු යවන ක්‍රීඩක අදිල් රෂීඩ්ගේ පන්දුවක් හමුවේ දැවී ගිය කෝලි තරඟයෙන් අනතුරුව පැවසුවේ එය විශිෂ්ඨ පන්දුවක් බවය. කෙසේ වෙතත් ලකුණු 257ක ඉලක්කයක් හඹාගිය එංගලන්තය කඩුලු 2ක් පමණ දැවී එම ඉලක්කය පසුකළ අතර ජෝ රූට් නොදැවී ශතකයක් රැස් කළේය.එය මේ තරඟාවලියේදී ඔහු පිට පිට ලබාගත් දෙවන ශතකය වූ අතර එංගලන්තය වෙනුවෙන් වැඩිම ශතක (13) ප්‍රමාණයක් රැස්කළ පිතිකරුවා ලෙසටද ඔහු වාර්තා පොත් අතරට එක්විය.