කොදෙව් සංචාරයට යන්න පිටත් වෙද්දි ධනන්ජය සිල්වාගේ පියා නාදුනන තුවක්කු කරුවකුගේ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

කොදෙව් සංචාරයට යන්න පිටත් වෙද්දි ධනන්ජය සිල්වාගේ පියා නාදුනන තුවක්කු කරුවකුගේ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට
ගල්කිස්ස ප්‍රදේශයේදී ඊයේ (24දා) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන කේ. රංජන් සිල්වා මහතා ජීවිතක්‍ෂයට පත්ව තිබෙන බව වාර්ථා වේ.රංජන් සිල්වා මහතා දෙහිවල – ගල්කිස්ස මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුද ලෙස කටයුතු කල අතර , රත්මලාන ප්‍රදේශයේ ඥානේ‍න්ද්‍ර පාරේදී සිදු වූ මෙම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකුද තුවාල ලබා ඇත. වෙඩි තැබීම හේතුවෙන් තිදෙනාම තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබූ අතර, එහිදී රංජන් සිල්වා මහතා මියගොස් තිබේ.සිද්ධිය පිළිබඳ ගල්කිස්ස පොලීසිය ඊයේ (24දා) රාත්‍රියේම විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.Image result for dhananjaya de silvaශ්‍රී ලංකා කණඩයම අද (25දා) සිදු කිරීමට නියමිත බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරග සංචාරයටද ධනංජය ද සිල්වා ඇතුළත්ව සිටි අතර, සිය පියාගේ අභාවය හේතුවෙන් එම සංචාරයෙන් ඔහු ඉවත්ව ඇති බවද වාර්තා වේ.මෙම සිද්දියෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැසක් කළුබෝවිල රෝහලට පැමිණ සිටින ආකාරයද දැක ගන්නට හැකි විය.