තාත්තා හැම මැච් එකක්ම බලන්න ආවා එයා නැති එක ගැන ගොඩක් දුකයි එයා කොහේ හරි බලන් ඇති – ධනංජය පියා ගැන කියපු සංවේදී කතාව

තාත්තා හැම මැච් එකක්ම බලන්න ආවා එයා නැති එක ගැන ගොඩක් දුකයි එයා කොහේ හරි බලන් ඇති - ධනංජය පියා ගැන කියපු සංවේදී කතාව
තවත් සුපිරි ජයක් හිමි ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර T20 තරඟයේ වීරයා වුණේ ධනංජය ද සිල්වා. පිත්තෙන්, පන්දුවෙන් පන්දු රැකීමෙන් සුපිරි දස්කම් දක්වන්න ධනා සමත් වුණා. තරඟයෙන් පස්සේ තිබ්බ හමුවටත් ඔහු එකතු වුණා. “අපි Practice විදිය තමයි රහස. අපි දැනගෙන හිටියා එයාලගෙ Bowling Attack එක ගැන. එකට තමයි අප් Practice කරේ” කියලයි ධනංජය ජයග්‍රහණයේ රහස හෙළිකරේ.Image result for dhananjaya silvaආරම්භක පිතිකරුවෙක් වුන ධනංජය පහුගිය තරඟ කිහිපයේම ක්‍රීඩා කලේ මැදපෙළ. ධනංජය ඒ ගැන දැක්වුවේ මේ වගේ අදහසක්. “මට Tournament එකට කලින් කියනවා මෙතන තමයි Bat කරන්නේ කියලා. මම ඔලුව හදාගෙන ඇවිත් සෙල්ලම් කරනවා. මම දැන් එකට ගොඩක් හුරුවෙලා.”Image result for dhananjaya silvaඒ වගේම මිය ගිය පියා ගැනත් ධනංජය මේ මාධ්‍ය හමුවදී මතක් කරා. “තාත්තා ඉන්නකොට හැම මැච් එකක්ම බලන්න ආවා. ගොඩක් දුකයි එයා නැති එක ගැන. එයා කොහේ හරි ඉඳන් බලාගෙන ඇති.” කියලයි