දේශීය 20 20 තරගාවලියේ ශුරතාව මාලිංග ඇතුළු NCC කණ්ඩායමට තරගාවලියේ වැඩිම කඩුලු ලාබියා මාලිංග. ලබ්බාට ඕන තවත් මොනාද ?

දේශීය 20 20 තරගාවලියේ ශුරතාව මාලිංග ඇතුළු NCC කණ්ඩායමට තරගාවලියේ වැඩිම කඩුලු ලාබියා මාලිංග. ලබ්බාට ඕන තවත් මොනාද ?
අන්තර් සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට එන්.සී.සී. කණ්ඩායම් සමත්විය. පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී සී.සී.සී. කණ්ඩායමට එරෙහිව ලකුණු 6 ක ජයක් හිමිකර ගනිමින් ශූරතාවට හිමිකම් කීමට එන්.සී.සී. කණ්ඩායමට හැකිවිය. කාසියේ වාසිය දිනාගත් සී.සී.සී. කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සදහා එන්.සී.සී. කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 183 ක් රැස් කළේය. එන්.සී.සී. කණ්ඩායමේ පළමු කඩුලු 2 ලකුණු 7 ක් තුළ දැවී යාමත් සමගින් තෙවැනි කඩුල්ල සදහා එක්වූ භානුක රාජපක්ෂ සහ මහේල උඩවත්ත පන්දු 85 කදී ලකුණු 126 ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ. වේගවත් පිතිහරඹයක නිරත වෙමින් භානුක රාජපක්ෂ සහ මහේල උඩවත්ත අර්ධ ශතක රැස්කරමින් එන්.සී.සී. කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්වූහ. භානුක රාජපක්ෂ පන්දු 51 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 79 ක් රැස්කළ අතර මහේල උඩවත්ත පන්දු 50 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 68 ක් රැස් කිරීමට සමත්විය. නුවන් තුෂාර ඕවර 4 කදී ලකුණු 32 කට කඩුලු 4 ක් දවාගනිමින් සී.සී.සී. කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූයේය. ජයග්‍රහණය සදහා ලකුණු 184 ක ඉලක්කයක් හඹාගිය සී.සී.සී. කණ්ඩායමට ඕවර 19.3 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 177 ක් පමණි. සචිත් පතිරණ සහ වනිඳු හසරංග වේගවත් ලකුණු රැස්කිරීමක නිරත වූවද ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය. පන්දු 26 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 47 ක් රැස්කිරීමට සචිත් පතිරණ සමත්වූ අතර පන්දු 27 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 42 ක් රැස්කිරීමට වනිඳු හසරංග සමත්විය. චාමික කරුණාරත්න ලකුණු 28 කට කඩුලු 4 ක් සහ ළහිරු කුමාර ලකුණු 31 කට කඩුලු 3 ක් දවාගනිමින් එන්.සී.සී. කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ. කඩුලු 17 බැගින් දවාගනිමින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් වන ලසිත් මාලිංගට සහ ධනංජය ද සිල්වාට අද තරගයේදී දවාගැනීමට හැකිවූයේ එක් කඩුල්ලක් පමණි. එන්.සී.සී – ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 183 (භානුක රාජපක්ෂ 79, මහේල උඩවත්ත 68, නුවන් තුෂාර 32/4) සී.සී.සී – ඕවර 19.3 කදී සියලුදෙනා දැවී ලකුණු 177 (සචිත් පතිරණ 47, අශාන් ප්‍රියංජන් 29, වනිඳු හසරංග 42, චාමික කරුණාරත්න 28/4, ළහිරු කුමාර 31/3)විශේෂ මතක් කිරීමක් අපගේ පුවත් දිගින් දිගටම cricket.lk, one team one nation යන page අපේ IMAGE එක්කම බොහෝ පුවත් COPY කරමින් ඒවාට බොරු heading දමමින් නිර්ලජ්ජිත ලෙස ක්‍රිකට් ක්‍රීඩාවට ආදරෙයි බව පෙන්වමින් යටිකුට්ටු දේශපාලනයක් කරමින් යයි. කණ්ඩායමේ බේද ඇති කරමින් ප්‍රවීන නම ගිය ලෝක පුජිතයන්ගේ නම් වලට මඩ ගසමින් දකින දකින හැම එකම වරදක් පමණක් පෙන්වමින් ක්‍රීඩා ලෝලීන් බෙදා ජාතිබේද පිල් බෙදා හැදීමට උත්සහා කරමින් සිටි. මෙය මෙහෙයවනු ලබන්නේ ඔහුගේ නමින් පහරක් හදුන්වා දී ඇති හිටපු ආරම්බක පිතිකරුවකු වන අතර මෙහි එක පුද්ගලයකු පුද්ගලික ගුවන්විදුලි නාලිකාවක සේවය කරන්නෙක් මෙන්ම කැත මඩ ගසන අන්තවාදී ලෙස පක්ෂ දේශපාලනය කරන පේජ් ගණනාවක් ඇති කල්ලියකි.මොවුන්ගෙන් ඉල්ලීමක් අප කළා අපගේ ඉමේජ් පාවිච්චි නොකර නිවුස් කොපි කරගත්තාට කමක් නැ යන්න. එහෙත් විනයක් හෝ මනුස්සකමක් නැති මුදල් පසු පසුපස යමින් තමන්ගේ කල්ලිය ගොඩ දමා ගැනීමට සමාජ මාධ්‍ය බාවිතා කරන කියන්නටත් කණගාටු වසලයන් කණ්ඩායමක් බව ඔබ දැනුවත් කිරීම අපගේ යුතුකමයි. ඒ ඔවුන් කිසිදු විනයක් ඇති උන් නොවන අතර මෙම කැත වැඩේ ඔවුන් නතර නොකරන බවද අපි දනී. අපත් මේ කොටස ලංකාව දැනගන්න තුරු සෑම පුවතකම පල කිරීමට තිරණයක කළා. ඔවුන්ගේ ක්‍රිකට් page ඇතුලත දේශපාලන post දැකිය හැකි. නෙල්ලි හා එක්සත් බොදනුවා, sri lankan cricket fan ඔවුන්ගේ page වේ.එසෙ ඔවුන් කාලෙන් කාලෙට එක එක ක්‍රීඩකයන් කපා එක එක අය උඩ දැමීමට මුදල් ගන්න වගද කිව යුතුය. මේ දිනවල කරන කොන්තරාත්තුව එම page බලන විට හැගියයි. එයට තමන්ගේ දේශපාලන මතයට යටින් උදව් කරන්නාවූ අය බවද කිව යුතුයි. අපට එක ක්‍රීඩකයකු ගැන විශේෂයක් නැති අතර අප මේවා කරන්නේ රටේ ක්‍රීඩාව ගැන ඇති ආදරයටයි. එසේ කරන අපගේ මහන්සියට මොවුන් පයට පෑගෙන දුවිල්ලක් තරම්වත් ගණන් නොගෙන වක්‍රව මුදල් වලට අපවත් විකුණන් කෑම කනගාටුවට කාරණයකි.