නිදහස් කුසලානයේ එක තරගයක් දිනලා ලෝක කුසලානයක් දිනුවා වගේ රගමින් තිසරට රහීම් පාර්ට් දැම්මට ලංකාව දල වේගය අනුව තරගාවලියේ එකට

නිදහස් කුසලානයේ එක තරගයක් දිනලා ලෝක කුසලානයක් දිනුවා වගේ රගමින් තිසරට රහීම් පාර්ට් දැම්මට ලංකාව දල වේගය අනුව තරගාවලියේ එකට
නිදහස් කුසලාන 20 යි 20 තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග ඊයේ (10) පැවති තරගයෙන් කඩුළු 5 ක ජයක් ලබාගැනීමට බංග්ලාදේශය සමත්වුනා. තරගය පැවැත්වුනේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි. කාසියේ වාසිය දිනු බංග්ලාදේශයේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 214ක් රැස් කළා. පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ කඩුළු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. මුශ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 72 ක් ලබා ගත්තේ පන්දු 35 කින්. ඊට හතරේ පහර 5 ක් සහ හයේ පහර 4 ක් ඇතුලත් වුනා. තරගයේ වීරයා සම්මානය ද මුශ්ෆිකර් රහීම් ට හිමිවුනා.   ශ්‍රී ලංකාවට එරෙහිව සිය කණ්ඩායමේ ජයග්‍රහණය හිමිකර ගත් බංග්ලාදේශ කණ්ඩායමේ මුෂ්ෆිකර් රහීම්ට එම අවස්ථාවේ ඔහුගේ හැඟීම් පාලනය කිරීමට නොහැකි වී ගිය බවයි බොහෝ විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ. ජය සමගින් පිටිය මැද ඔහු නර්තනයක් ඉදිරිපත් කළා. ඒ ජනප්‍රිය නයි නර්තනයයි. මීට පෙර බංග්ලාදේශය සමග පැවැති තරගකදී මෙම නයි නර්තනය කරලියට පැමිණියා.කෙසේ වෙතත් මේ වන විට කණ්ඩායම් තුනම තරග එක බැගින් ජයගෙන ඇති අතර ලකුණු ලබා ගැනීම වේගය අනුව ලංකාව එකට සිටිනවා. හෙට (11) තීරණාත්මක ඉනිදු ලංකා දෙවන තරගය පැවැත්වෙන අතර මෙම තරගය ජයගන්න කණ්ඩායම බොහෝදුරට අවසන් තරගයට තේරී පත්වෙනු ඇති. මේ තත්වය අනුව ලංකාව ඉතිරි ඉන්දීය හා බංගලි තරගවලින් අනිවාර්යෙන් එකක් ජයගත යුතු අතර එක තරගයක් අඩු ලකුණු පරතරයකින් පරාජයට පත්වුවහොත් අවසන් තරගයට යාමට හැකිවෙයි.Image result for bangladesh vs sri lankaImage result for bangladesh vs sri lankaවිශේෂ මතක් කිරීමක් අපගේ පුවත් දිගින් දිගටම cricket.lk, one team one nation යන page අපේ IMAGE එක්කම බොහෝ පුවත් COPY කරමින් ඒවාට බොරු heading දමමින් නිර්ලජ්ජිත ලෙස ක්‍රිකට් ක්‍රීඩාවට ආදරෙයි බව පෙන්වමින් යටිකුට්ටු දේශපාලනයක් කරමින් යයි. කණ්ඩායමේ බේද ඇති කරමින් ප්‍රවීන නම ගිය ලෝක පුජිතයන්ගේ නම් වලට මඩ ගසමින් දකින දකින හැම එකම වරදක් පමණක් පෙන්වමින් ක්‍රීඩා ලෝලීන් බෙදා ජාතිබේද පිල් බෙදා හැදීමට උත්සහා කරමින් සිටි. මෙය මෙහෙයවනු ලබන්නේ ඔහුගේ නමින් පහරක් හදුන්වා දී ඇති හිටපු ආරම්බක පිතිකරුවකු වන අතර මෙහි එක පුද්ගලයකු පුද්ගලික ගුවන්විදුලි නාලිකාවක සේවය කරන්නෙක් මෙන්ම කැත මඩ ගසන අන්තවාදී ලෙස පක්ෂ දේශපාලනය කරන පේජ් ගණනාවක් ඇති කල්ලියකි.මොවුන්ගෙන් ඉල්ලීමක් අප කළා අපගේ ඉමේජ් පාවිච්චි නොකර නිවුස් කොපි කරගත්තාට කමක් නැ යන්න. එහෙත් විනයක් හෝ මනුස්සකමක් නැති මුදල් පසු පසුපස යමින් තමන්ගේ කල්ලිය ගොඩ දමා ගැනීමට සමාජ මාධ්‍ය බාවිතා කරන කියන්නටත් කණගාටු වසලයන් කණ්ඩායමක් බව ඔබ දැනුවත් කිරීම අපගේ යුතුකමයි. ඒ ඔවුන් කිසිදු විනයක් ඇති උන් නොවන අතර මෙම කැත වැඩේ ඔවුන් නතර නොකරන බවද අපි දනී. අපත් මේ කොටස ලංකාව දැනගන්න තුරු සෑම පුවතකම පල කිරීමට තිරණයක කළා. ඔවුන්ගේ ක්‍රිකට් page ඇතුලත දේශපාලන post දැකිය හැකි. නෙල්ලි හා එක්සත් බොදනුවා ඔවුන්ගේ page වේ.එසෙ ඔවුන් කාලෙන් කාලෙට එක එක ක්‍රීඩකයන් කපා එක එක අය උඩ දැමීමට මුදල් ගන්න වගද කිව යුතුය. මේ දිනවල කරන කොන්තරාත්තුව එම page බලන විට හැගියයි. එයට තමන්ගේ දේශපාලන මතයට යටින් උදව් කරන්නාවූ අය බවද කිව යුතුයි. අපට එක ක්‍රීඩකයකු ගැන විශේෂයක් නැති අතර අප මේවා කරන්නේ රටේ ක්‍රීඩාව ගැන ඇති ආදරයටයි. එසේ කරන අපගේ මහන්සියට මොවුන් පයට පෑගෙන දුවිල්ලක් තරම්වත් ගණන් නොගෙන වක්‍රව මුදල් වලට අපවත් විකුණන් කෑම කනගාටුවට කාරණයකි.