නිදහස් කුසලානය අභියසට යන්න සුපුරුදු ලෙස අනුන් දිහා බලන් ඉන්න වෙලා. බංගලි තරගය පැරදුනොත් ලංකාව කොහොමත් ගෙදර

නිදහස් කුසලානය අභියසට යන්න සුපුරුදු ලෙස අනුන් දිහා බලන් ඉන්න වෙලා. බංගලි තරගය පැරදුනොත් ලංකාව කොහොමත් ගෙදර
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශ අතර පැවැත්වෙන නිදහස් කුසලාන තුන් කොන් තරඟාවලියේ අවදානම් අදියරකට ශ්‍රී ලංකාව පිවිසී තිබෙනවා. ඒ, ඉන්දියාව සමඟ ඊයේ (12) පැවැති දෙවන තරඟයෙන් කඩුලු 06ක පරාජයක් ලැබීමත් සමඟයි. වර්ෂාව හේතුවෙන් ඊයේ තරගයේ ආරම්භය පමා වූ අතර, පසුව තරඟය එක් පිළකට පන්දු වාර 19 දක්වා සීමා කෙරුණා. කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහර දෙන ලෙස ශ්‍රී ලංකාවට ආරාධනා කළා. ශ්‍රී ලංකා පිළ සිය පන්දු වාර 19 තුළ දී කඩුලු 09ක් දැවී රැස් කළේ ලකුණු 152ක් පමණයි. ඉන්දීය පිළේ නවක ක්‍රීඩක ශර්දුල් තාකූර් ලකුණු 27කට කඩුලු 04ක් බිද හෙලුවා. කුසල් මෙන්ඩිස් ලකුණු 55ක් රැස් කළා. පිළිතුරු වශයෙන් ඉන්දීය පිළ කඩුලු 04ක් දැවී ලකුණු 153ක් ලබමින් තරඟයේ ජය හිමි කර ගත්තා. මෙම තරඟයෙන් පරාජයට පත්වීම නිසා ශ්‍රී ලංකාවට සිකුරාදා බංග්ලාදේශය සමඟ පැවැත්වෙන තරඟය තීරණාත්මක වනවා. එම තරඟය ද පරාජයට පත්වුවහොත් අවසන් තරඟය සඳහා සුදුසුකම් ලබන්නේ ඉන්දියාව සහ බංග්ලාදේශයයි.විශේෂ මතක් කිරීමක් අපගේ පුවත් දිගින් දිගටම cricket.lk, one team one nation යන page අපේ IMAGE එක්කම බොහෝ පුවත් COPY කරමින් ඒවාට බොරු heading දමමින් නිර්ලජ්ජිත ලෙස ක්‍රිකට් ක්‍රීඩාවට ආදරෙයි බව පෙන්වමින් යටිකුට්ටු දේශපාලනයක් කරමින් යයි. කණ්ඩායමේ බේද ඇති කරමින් ප්‍රවීන නම ගිය ලෝක පුජිතයන්ගේ නම් වලට මඩ ගසමින් දකින දකින හැම එකම වරදක් පමණක් පෙන්වමින් ක්‍රීඩා ලෝලීන් බෙදා ජාතිබේද පිල් බෙදා හැදීමට උත්සහා කරමින් සිටි. මෙය මෙහෙයවනු ලබන්නේ ඔහුගේ නමින් පහරක් හදුන්වා දී ඇති හිටපු ආරම්බක පිතිකරුවකු වන අතර මෙහි එක පුද්ගලයකු පුද්ගලික ගුවන්විදුලි නාලිකාවක සේවය කරන්නෙක් මෙන්ම කැත මඩ ගසන අන්තවාදී ලෙස පක්ෂ දේශපාලනය කරන පේජ් ගණනාවක් ඇති කල්ලියකි.මොවුන්ගෙන් ඉල්ලීමක් අප කළා අපගේ ඉමේජ් පාවිච්චි නොකර නිවුස් කොපි කරගත්තාට කමක් නැ යන්න. එහෙත් විනයක් හෝ මනුස්සකමක් නැති මුදල් පසු පසුපස යමින් තමන්ගේ කල්ලිය ගොඩ දමා ගැනීමට සමාජ මාධ්‍ය බාවිතා කරන කියන්නටත් කණගාටු වසලයන් කණ්ඩායමක් බව ඔබ දැනුවත් කිරීම අපගේ යුතුකමයි. ඒ ඔවුන් කිසිදු විනයක් ඇති උන් නොවන අතර මෙම කැත වැඩේ ඔවුන් නතර නොකරන බවද අපි දනී. අපත් මේ කොටස ලංකාව දැනගන්න තුරු සෑම පුවතකම පල කිරීමට තිරණයක කළා. ඔවුන්ගේ ක්‍රිකට් page ඇතුලත දේශපාලන post දැකිය හැකි. නෙල්ලි හා එක්සත් බොදනුවා, sri lankan cricket fan ඔවුන්ගේ page වේ.එසෙ ඔවුන් කාලෙන් කාලෙට එක එක ක්‍රීඩකයන් කපා එක එක අය උඩ දැමීමට මුදල් ගන්න වගද කිව යුතුය. මේ දිනවල කරන කොන්තරාත්තුව එම page බලන විට හැගියයි. එයට තමන්ගේ දේශපාලන මතයට යටින් උදව් කරන්නාවූ අය බවද කිව යුතුයි. අපට එක ක්‍රීඩකයකු ගැන විශේෂයක් නැති අතර අප මේවා කරන්නේ රටේ ක්‍රීඩාව ගැන ඇති ආදරයටයි. එසේ කරන අපගේ මහන්සියට මොවුන් පයට පෑගෙන දුවිල්ලක් තරම්වත් ගණන් නොගෙන වක්‍රව මුදල් වලට අපවත් විකුණන් කෑම කනගාටුවට කාරණයකි.