මන් වෙන ජොබ් එකක් කරන්නේ නැ ක්‍රිකට්වලින් තමයි ජීවත්වුණේ. මාව අයින් කලේ ඇයි කියන්න මන් දන්නේ නැ – හිටි හැටිය කැපුන තිලින තුෂාරගේ සංවේදී කතාව

මන් වෙන ජොබ් එකක් කරන්නේ නැ ක්‍රිකට්වලින් තමයි ජීවත්වුණේ. මාව අයින් කලේ ඇයි කියන්න මන් දන්නේ නැ - හිටි හැටිය කැපුන තිලින තුෂාරගේ සංවේදී කතාව
තිලින තුෂාර මිරැන්ඩෝ යනු කලක් ලංකාවේ ආරම්භක පන්දු යවන්න ලෙස ක්‍රීඩා කල වමත් වේග පන්දු යවන්නා. 2008 සිට 2010 දක්වා එක්දින ජාතික කණ්ඩායමේ ස්ථාවර ස්ථානයක් දිනා සිටි තිලින 2003 දී ටෙස්ට් ක්‍රිකට් වරම් ලබනවා.Image result for thilina thushara37 හැවිරිදි තිලින තුෂාර තවමත් ක්‍රීඩා කරන අතර ඔහු 2010 දී කණ්ඩායමෙන් ඉවත් වන්නේ යම් ආබාද තත්වයක් නිසාවෙන්. එහෙත් එදා පටන් දේශීය තරග වල හොදින් දස්කම් පැවත් දැනට වසර 8 ක් තුල කිසිම අවස්තාවක් වගකිව යුත්තන් ලබා දී නැ. තිලින පළමු පෙළ තරග 129 දී කඩුලු 310 ක් දවා තිබෙන අතර ටෙස්ට් තරග 10 ක්‍රීඩා කර කඩුලු 28 ක් හා එක්දින තරග 38 ක් තුල කඩුලු 50 ක් දවාගෙන තිබෙනවා.Image result for thilina thusharaතිලින තුෂාර මිරැන්ඩෝ වයස 37ක් වුවත් තවමත් බලාපොරොත්තු තබා සිටින්නේ ජාතික කණ්ඩායමට පැමිණ තරග කිහිපයක් හෝ ක්‍රීඩා කිරීමට. ඔහුගේ දුක්ගැනවිල්ල කිහිප දෙනෙක් හමුවේ කිවත් ඒවා සාර්ථක නොවූ බව පවසනවා. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව අද පසුබෑමකට ලක්වීමට හේතු ගණනාවක් අතරේ එක හේතුවක් වන්නේ කොතරම් දස්කම් පෙන්නුවත් සමහර ක්‍රීඩකයන්ට එලියට නොපෙනෙන යම් බලවේගයකින් අවස්ථා නොලැබෙන බවයි.Image result for thilina thusharaමේ තිලින තුෂාර මිරැන්ඩෝ විසින් ඔහුට වූ අසාදාරනය හා ඔහුට මුහුණ දීමට සිදු වී ඇති අපහසුකම් පිළිබද කියන වීඩියෝව පහතින් බලන්න