රහිම්ගේ නයා පෙන්නුවේ හිටපු පුහුණුකරු චන්දිකටලු. ලංකාවට මැච් එක ගහලා එළිවෙනකම් පාර්ටිත් දාලා. රහීම් – හතුරු පරණ විරසකය කරලියට

රහිම්ගේ නයා පෙන්නුවේ හිටපු පුහුණුකරු චන්දිකටලු. ලංකාවට මැච් එක ගහලා එළිවෙනකම් පාර්ටිත් දාලා. රහීම් - හතුරු පරණ විරසකය කරලියට
නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණයේ නියුමුවා වූ මුෂ්ෆිකර් රහීම් එවැනි ජයග්‍රාහී ඉනිමක් ක්‍රීඩා කළේ වත්මන් ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහට එකටඑක කිරීමට බව බංග්ලාදේශ ක්‍රිකට් පිලේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ. නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරේදා (10) පැවැති තරගායේදී ශ්‍රී ලංකා පිල මුලින්ම පන්දුවට පහරදෙමින් සිය පන්දුවාර 20 අවසානයේ රැස්කළ ලකුණු 214 පසුපස හඹා ගිය බංග්ලාදේශ පිල කඩුලු 5ක විශිෂ්ට ජයක් ලබා ගත්තේය. බංග්ලාදේශ පිලේ එම ජයග්‍රහණයට විශේෂයෙන් දායකවූයේ හිටපු නායක මුෂ්ෆිකර් රහීම්ය. ඔහු පන්දු 35කදී ලකුණු 72ක් නොදැවී ලබාගනිමින් බංග්ලාදේශයට විස්සයි 20 ඉතිහාසයේ වාර්තාගත ජයක් අත්කර දුන්නේය.  මීට මාස කිහිපයකට පෙර බංග්ලාදේශ පිල දකුණු අප්‍රිකාවේ කළ සංචාරයේ නායකත්වය දැරැවේ මුෂ්ෆිකර් රහීම්ය. එම සංචාරයේදී බංග්ලාදේශ පිලේ පුහුණුකරු වූයේ චන්දික හතුරුසිංහය. බංග්ලාදේශ පිල එම සංචාරයේදි අතිශයින්ම අසාර්ථක වූ අතර කණ්ඩායම තුළ ද ප්‍රශ්න රැසක් හටගත්තේය. එහිදී හතුරුසිංහ හා මුෂ්ෆිකර් අතරද මත ගැටුම් හටගත් අතර හතුරුසංහගේ පැමිණිල්ලක් මත බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් මුෂ්ෆිකර් නායකත්වයෙන් නෙරපන්නට කටයුතු කරන ලදී. ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටියේදී ශ්‍රී ලංකා පිල පරාජයට පත් කළ අවස්ථාවේදී මුෂ්ෆිකර් නාග නැටුමක් රඟ දැක්වූයේද හතුරුසිංහට බව කියවේ. තරග ජයග්‍රහණයෙන් පසුව සිය හෝටලයට ගිය බංග්ලාදේශ පිල අද හිමිදිරි පාන්දර දක්වාම සාද පැවැත්වූ බවද මේ අතර ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ. මේ වන විට නිත්‍ය පුහුණුකරුවකු නොමැති බංග්ලාදේශ පිලේ වැඩි දෙනෙකුට හතුරුසිංහ අරහං බවද වාර්තා වේ.විශේෂ මතක් කිරීමක් අපගේ පුවත් දිගින් දිගටම cricket.lk, one team one nation යන page අපේ IMAGE එක්කම බොහෝ පුවත් COPY කරමින් ඒවාට බොරු heading දමමින් නිර්ලජ්ජිත ලෙස ක්‍රිකට් ක්‍රීඩාවට ආදරෙයි බව පෙන්වමින් යටිකුට්ටු දේශපාලනයක් කරමින් යයි. කණ්ඩායමේ බේද ඇති කරමින් ප්‍රවීන නම ගිය ලෝක පුජිතයන්ගේ නම් වලට මඩ ගසමින් දකින දකින හැම එකම වරදක් පමණක් පෙන්වමින් ක්‍රීඩා ලෝලීන් බෙදා ජාතිබේද පිල් බෙදා හැදීමට උත්සහා කරමින් සිටි. මෙය මෙහෙයවනු ලබන්නේ ඔහුගේ නමින් පහරක් හදුන්වා දී ඇති හිටපු ආරම්බක පිතිකරුවකු වන අතර මෙහි එක පුද්ගලයකු පුද්ගලික ගුවන්විදුලි නාලිකාවක සේවය කරන්නෙක් මෙන්ම කැත මඩ ගසන අන්තවාදී ලෙස පක්ෂ දේශපාලනය කරන පේජ් ගණනාවක් ඇති කල්ලියකි.මොවුන්ගෙන් ඉල්ලීමක් අප කළා අපගේ ඉමේජ් පාවිච්චි නොකර නිවුස් කොපි කරගත්තාට කමක් නැ යන්න. එහෙත් විනයක් හෝ මනුස්සකමක් නැති මුදල් පසු පසුපස යමින් තමන්ගේ කල්ලිය ගොඩ දමා ගැනීමට සමාජ මාධ්‍ය බාවිතා කරන කියන්නටත් කණගාටු වසලයන් කණ්ඩායමක් බව ඔබ දැනුවත් කිරීම අපගේ යුතුකමයි. ඒ ඔවුන් කිසිදු විනයක් ඇති උන් නොවන අතර මෙම කැත වැඩේ ඔවුන් නතර නොකරන බවද අපි දනී. අපත් මේ කොටස ලංකාව දැනගන්න තුරු සෑම පුවතකම පල කිරීමට තිරණයක කළා. ඔවුන්ගේ ක්‍රිකට් page ඇතුලත දේශපාලන post දැකිය හැකි. නෙල්ලි හා එක්සත් බොදනුවා, sri lankan cricket fan ඔවුන්ගේ page වේ.එසෙ ඔවුන් කාලෙන් කාලෙට එක එක ක්‍රීඩකයන් කපා එක එක අය උඩ දැමීමට මුදල් ගන්න වගද කිව යුතුය. මේ දිනවල කරන කොන්තරාත්තුව එම page බලන විට හැගියයි. එයට තමන්ගේ දේශපාලන මතයට යටින් උදව් කරන්නාවූ අය බවද කිව යුතුයි. අපට එක ක්‍රීඩකයකු ගැන විශේෂයක් නැති අතර අප මේවා කරන්නේ රටේ ක්‍රීඩාව ගැන ඇති ආදරයටයි. එසේ කරන අපගේ මහන්සියට මොවුන් පයට පෑගෙන දුවිල්ලක් තරම්වත් ගණන් නොගෙන වක්‍රව මුදල් වලට අපවත් විකුණන් කෑම කනගාටුවට කාරණයකි.