ලංකාවේ ක්‍රිකට් වගකිව යුතු එවුන් සහ තේරුම් කමිටු රටට අහිමි කල එකම SLPL තරගාවලියේ වීරයා දිල්ශාන් මුණවීර ගේල් එක්ක ඇෆ්ගන් ලීගයේ වැඩ පෙන්වයි

ලංකාවේ ක්‍රිකට් වගකිව යුතු එවුන් සහ තේරුම් කමිටු රටට අහිමි කල එකම SLPL තරගාවලියේ වීරයා දිල්ශාන් මුණවීර ගේල් එක්ක ඇෆ්ගන් ලීගයේ වැඩ පෙන්වයි
2012 දී ලංකාවේ පැවති එකම ලිග් තරගය වල slpl තරගාවලියේ ඌව නෙක්ස්ට් කණ්ඩායමට ක්‍රීඩා කල ආරම්භක පිතිකරු දිල්ෂාන් මුණවීර මෙවර පළමු වරට පැවැත්වෙන ඇෆ්ගන් ක්‍රිකට් ලීගයේ හොදින් දස්කම් පෙන්වීමට අවසන් තරගයේදී සමත් වුනා. ඒ ක්‍රිස් ගේල් සමග ආරම්භක පිතිකරණයේ යෙදෙමින්.Image result for dilshan munaweera and gayleමුණවීර වරින් වර කණ්ඩායමට දමා කපා දැමු අතර ලබරෝයි විසින් දැනට වසරක සිට කිසිම සංචිතයකට මුණවීර ඇතුලත් කර නැ. 2012 දී slpl වලින් පසු 20 20 ජාතික කණ්ඩායමට ඇතුලත් කරගත්තත් එක්දින වරම් ඔහුට ලැබෙන්නේ 2017 අගෝස්තු මාසයෙයි. මෙම ක්‍රීඩකයා නිවැරදිව රැකබලා නොගත් වගකිව යුත්තන් ඔහුටද රටේ ක්‍රිකට් වලටද අසාධාරණයක් කරගෙන ඇති බව පැහැදිලි. 2012 දී 20 20 ජාතික කණ්ඩායමට වරම් ලද ඔහු වරින් වර ක්‍රීඩා කරවා 20 20 තරග 13 කට හා එක්දින තරග 2 ට පමණයි අවස්තාව ලබා දී තිබෙන්නේ. ඉන්පසු ආරම්භක පිතිකරුවන් ලෙස කණ්ඩායමට බොහෝ පිරිස් එකතු වී තිබීමත් මොහුව නොසලකා හැරීමත් කණගාටුවට කරුණක්. මෙසේම අසාධාරණයට ලක්වන ක්‍රීඩකයෙක් ලෙස අශාන් ප්‍රියන්ජන් ද නම් කල හැකිImage result for dilshan munaweera slplඅනෙක් කාරණය ක්‍රිකට් ලොවේ ළදරුවන් වන ඇෆ්ගන් පාලක මණ්ඩලය තම රටේ බෝම්බ පුපුරන නිසා එය ඩුබායි වල පැවැත්වීමටත් විශාල මුදලක් වියදම් කර මෙවැනි තරගාවලියක් පැවැත් වීමත් ලංකාවේ මහා ලොකු කයිය ගහන වැඩබැරි ක්‍රිකට් උදවියට හොද කනේ පහරක්. ඇෆ්ගනිස්ථාන ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඊයේ (14) පැවති තරඟයකින් පෙරළිකාර ජයක් ලැබීමට බල්ක් ලෙජන්ස් කණ්ඩායම සමත් වුණා. ඒ, කාබුල් සවනන් කණ්ඩායම ලකුණු 21කින් පරාජයට පත් කරමින්. සාජාහි පැවති මෙම තරඟයේදී පළමුව පන්දුවට පහරදුන් බල්ක් ලෙජන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06කට ලකුණු 244ක් රැස් කළා. එහිදී ආරම්භක පිතිකරු යුගලය ලෙස පිටියට පිවිසි ප්‍රවේගකාරී පිතිකරු ක්‍රිස් ගේල් සහ ඩිල්ෂාන් මුණවීර පළමු කඩුල්ලට විශ්ෂ්ඨ සම්බන්ධන්තාවක් ගොඩනැගුවා. පළමු කඩුල්ල ලෙස ඩිල්ෂාන් මුණවීර දැවී යනවිට හතරේ පහර 05ක් සහ දැවැන්ත හයේ පහර 03ක් සමඟින් පන්දු 25 කදී ලකුණු 46ක් රැස් කරගෙන සිටියා. සිය සුපුරුදු ප්‍රහාරය අනුකම්පා විරහිතව දියත් කළ ක්‍රිස් ගේල් හයේ පහර 10ක් සහ හතරේ පහර 02ක් සමඟින් ලකුණු 80ක් රැස් කළේ පන්දු 48ක් පමණක් වැය කරමින්. පන්දු යැවීමේදී ෆරීඩ් අහමඩ් බල්ක් කණ්ඩායමේ කඩුලු 02ක් බිඳ දැමුවා. පිළිතුරු ඉණිමේදී කාබුල් සවනන් කණ්ඩායමේ යොවුන් ක්‍රීඩක හස්රතුල්ලා සසායි ලෝක වාර්තාවක් පිහිට වුයේ පන්දුවාර 20 ක්‍රිකට් පිටියේ වේගවත්ම අර්ධ ශතකය තමන්ගේ නම ඉදිරියේ ලියා ගනිමින්. සසායි මෙම අර්ධ ශතකය රැස් කළේ පන්දු 12ක් පමණක් වැයකරමින්. කෙසේ වෙත්ත සසායිගේ එම ඉනිම සිය කණ්ඩායමේ ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවූ අතර කාබුල් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුලදී කඩුලු 07ක් දැවී රැස්කර ගත හැකිවුයේ ලකුණු 223ක් පමණයි. මෙම තරඟයේදී වාර්තා වූ සමස්ථ හයේ පහර සංඛ්‍යාව 37ක් වන අතර එය විස්සයි විස්ස තරඟයක වාර්තා වූ වැඩිම හයේ පහර සංඛ්‍යාව ලෙසට වාර්තා පොත් අතරට එක්වනවා. තරඟයේ වීරයා සම්මානය හිම්කරගත්තේ ක්‍රිස් ගේල්.