ලොව අංක එකේ එක්දින කණ්ඩායම සමග පිට පිට තරග 7 ක් පරාජය වී ඇති වසර 4 කින් ජයක් ලබා නැති දඹුල්ලේදී ලංකාව පළමු එක්දින තරගයට

ලොව අංක එකේ එක්දින කණ්ඩායම සමග පිට පිට තරග 7 ක් පරාජය වී ඇති වසර 4 කින් ජයක් ලබා නැති දඹුල්ලේදී ලංකාව පළමු එක්දින තරගයට
ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් දඹුල්ලේ දී (10) පැවැත්වීමට නියමිත පළමු එක්දින ක්‍රිකට් තරගයට පෙර පැවති මාධ්‍ය හමුවේ දී, පළමු තරගයට හා තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇති සූදානම හා පෙර තරගාවලිවල දී හඳුනාගත් අඩුපාඩුවලට යෙදූ පිළියම් පිළිබඳව, ශ්‍රී ලංකා එක්දින හා ටෙස්ට් කණ්ඩායම් නායක දිනේෂ් චන්දිමාල් මෙසේ අදහස් ප්‍රකාශ කළා.පළමු අතරගයට උපුල් තරංග, දික්වැල්ල, චන්දිමාල්, කුසල් ජනිත්, දනන්ජය සිල්වා, දසුන් ශානක, තිසර, අකිල දනන්ජය, සඳකැන්, දුෂ්මන්ත චමීර, මාලිංග ක්‍රීඩා කරනු ඇතියි වාර්තා වනවා එසේම දඹුල්ල ක්‍රීඩාංගනයේදී 2014 න පසු ජයක් ලබා නැති ශ්‍රී ලංකාව අවසන් තරග 7 ම පරාජය වී තිබෙනවා. එයට බංගලාදේශයද අයත්. මෙතරම් ලංකාවට අවාසි ක්‍රීඩාංගනයක පළමු තරග 2 කම පැවැත්වීම අපට නොපෙනෙන ඇතුලත තරග පාවා දෙන්නන්ගේ තරග පරාජය විය යුතුයි යන සැලැස්මද යන්නනම් අප දන්නේ නැ. තරගාවලියක සත්කාරත්වය ලැබෙන රටට වාසියක් හැමවිටම ලැබෙන අතර ජයග්‍රහණයන් සදහා ලංකාව හැර අනෙක් ක්‍රිකට් සෙල්ලම් කරන සියලුම රටවල් ඒ වාසිය ගෙන ජයග්‍රහණ කිරීමට යම් වාසි ලාබාගයි. අනෙක් කාරණයනම් පසුගිය ද අප්‍රිකා සංචාරයේදී ක්‍රිකට් හිටපු සභාපති දඹුල්ල ක්‍රීඩාංගනය මැදට ගිය අතර එවිට ඔහුට ක්‍රිකට් තනතුරක් නොතිබූ අතර ඔහු පැවසුවේ දඹුල්ල ක්‍රීඩාංගනයට යාමට ඕනෑම මොහොතක අයිතියක් ඇති බවයි. වසර 4 ක් පිට පිට තරග 7 ක් පරාජය වූ ක්‍රීඩාංගනයක ලෝකයේ අංක එකේ කණ්ඩායමට මුහුණ දීමේදී දුර්වල ලංකා කණ්ඩායමට කිසිම සහනයක් නැති අතර මෙහි සංවිධායකයන් වන ශ්‍රී ලංකා ක්‍රිකට් වලට පළමු තරග දෙක ජයග්‍රාහි පිටියකට ගෙන යාමට ඉඩ තිබුණි. පළමු තරග දෙකම පරාජයට පත්වුවොත් ලංකාව නැවත තරගාවලියට පැමිණීම දැන් තිබෙන තත්වය අනුව සිහිනයකි. මේ සංචාරයේ තරග පෙළගැස්ම අනුවම කලකට කලින් කල සැලැස්මක් වන නිසාත් පාරාජය තරග කරන්නට පෙර සිටම සැලසුම් කර ඇති බවක් සාමන්යෙන් බලා සිටින ඔබට වැටහෙනවා ඇති. ඒ මානසික අතින් කිසිම සහනයක් අතීත වාර්තා අනුව ලංකා කණ්ඩායමට කිසිසේත්ම නැති අතර අවසන් තරගාවලියේද පළමු තරග දෙක දඹුල්ලේදී නිසා අවසන් තරග දෙක ජයගත්තත් පරාජය උරුම කරගෙන ලංකාවේ ක්‍රිකට් අගාදයට ඇදගෙන ගියා. පාවා දීම් කප්පරක හෙළිවෙමින් තිබියදී මේ සියල්ල සැලසුම් සහගත දේවල් නොවෙයයි සිතීමට තරම් අවස්තාවක් නැ. කෙසේ වෙතත් වාර්තාමාන ක්‍රිකට් පාලනය කෙසේ හෝ ජයක් ලබාගත යුතුයි යන තැන සිට අඩුම තරමේ වාසි සහගත ක්‍රීඩාංගනවත් ලංකාවට ලබා දී නැති බවනම් ඉතා හොදින් පැහැදිලි අතර හෙට(10) දිනයේ ජයග්‍රහණයක් ලැබුවහොත් ලංකාව, ඇත්තෙන්ම ඔබ පුදුම නොවුනොත් එය විහිළුවක්.