‘ලොව ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතර, තරඟ පාවාදීම් අතින් දූෂිතම රට ශ්‍රී ලංකාව’ ටෙස්ට් අහෝසි කර මුදල් කපා හරින බව අයිසිසිය ෆයිසර්ට දැඩි අනතුරු අගවයි

'ලොව ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතර, තරඟ පාවාදීම් අතින් දූෂිතම රට ශ්‍රී ලංකාව' ටෙස්ට් අහෝසි කර මුදල් කපා හරින බව අයිසිසිය ෆයිසර්ට දැඩි අනතුරු අගවයි
අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් වෙත ප්‍රබල අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.Image result for icc headquartersතරඟ පාවාදීම් සම්බන්ධයෙන් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත්තේ පසුගිය ඉරිදා ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදියි. ලොව ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතර, තරඟ පාවාදීම් අතින් දූෂිතම රට ශ්‍රී ලංකාව බවත්, ඊට අදාළ තොරතුරු සහ සාක්ෂි තමන් සතු බවත්, අයි.සී.සී. බලධාරීන් මෙරට ක්‍රිකට් බලධාරීන් වෙත ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.Image result for sri lanka cricket head officeඅඛණ්ඩව මෙම තත්ත්වය පැවතියහොත් ටෙස්ට් තත්ත්වය ඉවත් කිරීමටත්, ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලබාදෙන මූල්‍ය ප්‍රතිපාදන කපා හැරීමටත් සිදුවන බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය, වැඩිදුරටත් දැනුම් දී ඇති බව සඳහන්. රටේ මිනිසුන් මාධ්‍ය සමාජ ජාලා වල කොතරම් ලංකාවේ වර්තමාන ක්‍රිකට් වලට විරෝධය පැවත් වගකිවයුතු දේශපාලන බල අධිකාරිය එනම් ක්‍රීඩා ඇමති ඇතුළු ආණ්ඩුව කනකට නොගෙන තම පක්ෂයේ හිතවතා වෙනුවෙන් හිටපු දයාසිරි නම් පුද්ගලයා මෙන්ම වර්තමාන ෆයිසර් නම් ඇමතිවරයා සිටි. වර්තමාන ඇමති ෆයිසර් පත්වූ පළමු දිනයේ පවසා සිටියේ ක්‍රිකට් පාලක මණ්ඩලය ගැන ජනාධිපතිගේ උපදෙස් අනුව ක්‍රියා කරන බවයි. දැන් අපට පෙනීයන්නේ මේ ක්‍රිකට් පාවා දීම හා ටෙස්ට් තත්වය පවා නැති කිරීමට යෑම පසු පස සිටින්නා ෆයිසර්ට උපදෙස් දෙන පුද්ගලයා බවයි. ක්‍රිකට් ආයතනයේ වෙළද දැන්වීම්කරන ආයතනයක් ෆයිසර්ට උපදෙස් දුන් පුද්ගලයාගේ දියණියක් පවත්වාගෙන යන බවත් ප්‍රසිද්ද රහසක්. මේ රටේ ක්‍රිකට් අතුගා දමා හෝ තමන්ගේ මුදල් ටික රැස් කර ගැනීමට වෙහෙස වෙන මෙවන් නින්දිත පුද්ගලයින් මේ ලක් දෙරණේ ඉපදී ඇත්තේ රටේ එකාලගේම ආනන්තර්ය පාපකර්මයක් නිසා යයි කීමට හැර කීමට කිසිවක් නැත. අධර්මිෂ්ටයන් ඇස් පනාපිට මේ දෙරණේ අතුගැවී ගිය හැටි අප දැක ඇත. මේ හිතුවක්කාරී මුදල්මතම සියල්ල පාවා දෙන මේ අදමයින් සියල්ල මේ දෙරණේ අප ඇස් ඉදිරිපිටම පවුල් පිටින් අතුගැවී යත්වා කියා ප්‍රාර්ථනා කිරීම හැර වෙන විකල්පයක් රටේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරේ සියල්ලට නැත.