වැඩ බලන නායක චන්දිමාල්ට තරග දෙක අහිමිවන නිසා නායකත්වය උපුල්ට දෙනවා යයි ජාත්‍යන්තර මාධ්‍ය පැවසුවත් ක්‍රිකට් ආයතනයෙන් නායකත්වය තිසරට

වැඩ බලන නායක චන්දිමාල්ට තරග දෙක අහිමිවන නිසා නායකත්වය උපුල්ට දෙනවා යයි ජාත්‍යන්තර මාධ්‍ය පැවසුවත් ක්‍රිකට් ආයතනයෙන් නායකත්වය තිසරට
ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායමේ තාවකාලික නායකයා වන දිනේෂ් චන්දිමාල්ට අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් තරග දෙකක තහනමක් පනවනු ලැබ තිබේ. බංග්ලාදේශයට එරෙහිව සෙනසුරාදා පැවැති තරගයේදී මන්දගාමී පන්දු යැවීම හේතුවෙන් චන්දිමාල්ට මෙම තහනම පනවා තිබේ. චන්දිමාල් තහනමකට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද(12 වැනිදා) පැවැත්වීමට නියමිත නිදහස් කුසලාන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සඳහා තිසර පෙරේරා පත්කර ඇත. නියමිත ඕවර 20 යැවීම සඳහා දෙන ලද කාලය තුළදී ශ්‍රී ලංකා කණ්ඩායම යවා තිබුණේ ඕවර 16 ක් පමණි. ඒ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ඔවුන්ගේ තරග මුදලින් 60% ක දඩයක් පනවන ලද අතර නායකයා වූ හෙයින් චන්දිමාල්ට තරග දෙකක තහනමක් පනවන ලදි. මේ හේතුවෙන් චන්දිමාල්ට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය (12 වැනිදා) මෙන්ම සිකුරාදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයද මඟහැරී යනු ඇත. ශ්‍රී ලංකා නායකයාට පමණක් නොව බංග්ලාදේශ නායක මහමදුල්ලා රියාද් සහ බංග්ලාදේශ කණ්ඩායමද දඩ මුදලකට යටත්ව සිටිති. නියමිත කාලය ඇතුළතදී යැවිය යුතු ඕවර 20 න් එකක් අඩුව යැවීම හේතුවෙන් මහමදුල්ලාගේ තරග මුදලින් 20% ක දඩයක් නියම කළ තරග තීරක ක්‍රිස් බ්‍රෝඞ් මහතා බංග්ලාදේශ කණ්ඩායමට ඔවුන්ගේ තරග මුදලින් 10% ක දඩමුදලක් නියම කළේය. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නිවේදනය අනුව ඉදිරි මාස 12 ක කාලය චන්දිමාල්ට අසීරු කාලයකි. චන්දිමාල් නායකත්වය දරන ශ්‍රී ලංකා කණ්ඩායමක් ඉදිරි මාස 12 ක කාලය ඇතුළත මෙවැනිම වරදකට යොමු වුවහොත් ඔහුට දඩ ලකුණු 2 සිට 8 දක්වා ප්‍රමාණයකට මුහුණ දීමට සිදුවනු ඇත. චන්දිමාල්ට දැනටමත් තරග දෙකක් තහනම් වී ඇත්තේ දඩ ලකුණු 2 කට මුහුණ දී ඇති බැවිනි.Image result for thisara pereraඑසේම ඊයේ (11) ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුනේ නායකත්වයට ජේෂ්ඨ ක්‍රීඩක හිටපු නායක උපුල් තරංග පත්කරනු ඇති බවයි. එහෙත් ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර ඇත්තේ තිසර පෙරේරා නායකයා කරන බවයි. අද (12) ඉන්දු ලංකා තරගය සවස 7 ට ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්බ වේවිශේෂ මතක් කිරීමක් අපගේ පුවත් දිගින් දිගටම cricket.lk, one team one nation යන page අපේ IMAGE එක්කම බොහෝ පුවත් COPY කරමින් ඒවාට බොරු heading දමමින් නිර්ලජ්ජිත ලෙස ක්‍රිකට් ක්‍රීඩාවට ආදරෙයි බව පෙන්වමින් යටිකුට්ටු දේශපාලනයක් කරමින් යයි. කණ්ඩායමේ බේද ඇති කරමින් ප්‍රවීන නම ගිය ලෝක පුජිතයන්ගේ නම් වලට මඩ ගසමින් දකින දකින හැම එකම වරදක් පමණක් පෙන්වමින් ක්‍රීඩා ලෝලීන් බෙදා ජාතිබේද පිල් බෙදා හැදීමට උත්සහා කරමින් සිටි. මෙය මෙහෙයවනු ලබන්නේ ඔහුගේ නමින් පහරක් හදුන්වා දී ඇති හිටපු ආරම්බක පිතිකරුවකු වන අතර මෙහි එක පුද්ගලයකු පුද්ගලික ගුවන්විදුලි නාලිකාවක සේවය කරන්නෙක් මෙන්ම කැත මඩ ගසන අන්තවාදී ලෙස පක්ෂ දේශපාලනය කරන පේජ් ගණනාවක් ඇති කල්ලියකි.මොවුන්ගෙන් ඉල්ලීමක් අප කළා අපගේ ඉමේජ් පාවිච්චි නොකර නිවුස් කොපි කරගත්තාට කමක් නැ යන්න. එහෙත් විනයක් හෝ මනුස්සකමක් නැති මුදල් පසු පසුපස යමින් තමන්ගේ කල්ලිය ගොඩ දමා ගැනීමට සමාජ මාධ්‍ය බාවිතා කරන කියන්නටත් කණගාටු වසලයන් කණ්ඩායමක් බව ඔබ දැනුවත් කිරීම අපගේ යුතුකමයි. ඒ ඔවුන් කිසිදු විනයක් ඇති උන් නොවන අතර මෙම කැත වැඩේ ඔවුන් නතර නොකරන බවද අපි දනී. අපත් මේ කොටස ලංකාව දැනගන්න තුරු සෑම පුවතකම පල කිරීමට තිරණයක කළා. ඔවුන්ගේ ක්‍රිකට් page ඇතුලත දේශපාලන post දැකිය හැකි. නෙල්ලි හා එක්සත් බොදනුවා, sri lankan cricket fan ඔවුන්ගේ page වේ.එසෙ ඔවුන් කාලෙන් කාලෙට එක එක ක්‍රීඩකයන් කපා එක එක අය උඩ දැමීමට මුදල් ගන්න වගද කිව යුතුය. මේ දිනවල කරන කොන්තරාත්තුව එම page බලන විට හැගියයි. එයට තමන්ගේ දේශපාලන මතයට යටින් උදව් කරන්නාවූ අය බවද කිව යුතුයි. අපට එක ක්‍රීඩකයකු ගැන විශේෂයක් නැති අතර අප මේවා කරන්නේ රටේ ක්‍රීඩාව ගැන ඇති ආදරයටයි. එසේ කරන අපගේ මහන්සියට මොවුන් පයට පෑගෙන දුවිල්ලක් තරම්වත් ගණන් නොගෙන වක්‍රව මුදල් වලට අපවත් විකුණන් කෑම කනගාටුවට කාරණයකි.