හතුරුසිංහත් පිස්සු කෙළියි. කණ්ඩායමේ කිසි සහයක් නැතිව තනිව ලකුණු ගහපු තරංග කපා පිට පිට බින්දු ගහන කුසල් හොදකරයගයි. සුපුරුදු ලෙස පිට පිට 4 වන පරාජයත්

හතුරුසිංහත් පිස්සු කෙළියි. කණ්ඩායමේ කිසි සහයක් නැතිව තනිව ලකුණු ගහපු තරංග කපා පිට පිට බින්දු ගහන කුසල් හොදකරයගයි. සුපුරුදු ලෙස පිට පිට 4 වන පරාජයත්
අවසන් තරග 5 න් පිට පිට තරග 4 ක් පරාජය වී ඇති අතර පළමු තරගය වැස්සෙන් සේදී ගිය නිසා එක තරගයක් බේරී ඇත. උඩ සිට පහලට කපන්න ඕන සියල්ල කපා අවසානයේ කණ්ඩායමේ සිටින ජෙෂ්ඨයා කපා දමා කුසල් පෙරේරා ආබාදයට ලක්වී සංචිතයට පැමිනි විගස කුසල් මෙන්ඩිස්ට හතුරුසිංහ තරගය ලබා දුන්නේය. හතුරුසිංහගේ ප්‍රියතමයා වන කුසල් මෙන්ඩිස් පිට පිට බින්දු 3 ක් මේ වන විට වාර්තා කර ඇත්තේ ඊයේ(17) පළමු පන්දුවටම දැවීයාම නිසයි. වසර 13 ක් ආරම්භක පිතිකරු ලෙස ලංකාවේ 7 වැනියාට වැඩිම එක්දින ලකුණු ලබා ඇති ක්‍රීඩකයා කපා මෙන්ඩිස් නම් වූ ළදරුවා එකතු කිරීමට තරම් හතුරුසිංහගේ ක්‍රිකට් උපක්‍රම අවුල්වී ඇති බව මේ වන විට පැහැදිලි.Image result for upul tharanga and chandikaෆර්විස් මහරුෆ් පවා පවසා සිටියේ ඉන්න හොදම ක්‍රීඩකයා කපා කුසල් මෙන්ඩිස් 17 ඉදලා එකපාර කණ්ඩායමේ තැන දීම ටිකක් පුදුම සහගත කරුණක් බවයි. උපුල් තරංග තනියෙන් ශතක රස්කලත් කණ්ඩායමේ කිසිවෙක් සහය නොදුන්නු හැටි අප දැක තිබෙනවා. කෙසේ වෙතත් අවසන් ආසියා කුසලාන තරගාවලියේ පරාජය වූ තරග දෙකේම වැඩිම ලකුණු ලබා සිටින්නේ තරංගයි. ඇෆ්ගන් තරගයේ සම්පුර්ණ ලකුණු 158 යි. තරංග හොදම ලකුණ 36 යි. බංගලාදේශ තරගයේ ලකුණු 128 යි. තරංග හොඳම දෙවන ලකුණ 27 යි. කුසල් ජනිත් 29 යි.Image result for kusal mendis and chandikaතත්වය මෙසේ තිබියදී ඉවත් කිවීම හා නැවත ගැනීම හැර වෙන විකල්පයක් හතුරුසිංහටත් නොමැති බවයි පෙනී යන්නේ. දුර්වල කණ්ඩායමක් ගොඩ දැමීම අමාරු කාර්යක් බව දන්නා නිසා ක්‍රීඩා ලෝලීන් පවා චන්දික කිසිම අවස්තාවක පහත කර කතා නොකළ අතර මෙවන් පිස්සු කෙලින්න ගන්නවානම් මේ කණ්ඩායම නැවත කතා කිරීමට දෙයක් නැත. දිල්ශාන් මුණවීර හොඳම ආරම්භක පිතිකරුවන ක්‍රිස් ගේල් සමග ඩුබායි වල ක්‍රීඩා කරමින් සිටි. ඔහුට 2012 සිට ලබා දී තිබෙන්නේ තරග 13 ක් පමණයි. කුසල් මෙන්ඩිස් 2016 සිට ක්‍රීඩා කර මේ වන විට තරග 52 ක් ක්‍රීඩා කර තිබෙනවා.Image result for dilshan munaweeraඅශාන් ප්‍රියන්ජන් 2013 සිට ක්‍රීඩා කරන අතර ඔහු තරග 23 ක් වරින්වර ක්‍රීඩා කර තිබෙනවා. දේශීය තරගාවලියක හොදින් කලවිට කණ්ඩායමට දමා නැවත කන්දයමාට අබාදවී පැමිනේන්නෙකුට අවස්තාව දීම සදහා ඔහු කැපී යන අතර නැවත වසර ගණනකට ඔහු පෙනෙන්නේ නැ.Image result for ashan priyanjanකොතරම් ප්‍රශ්න ආවත් පැරදුනත් දිනුවත් ක්‍රීඩකයින් 20 ක්වත් එක දිගට තරග 20 ක් 30 ක් ක්‍රීඩා කෙරුවානම් අද වන විට මේ තත්වය වෙනස්වන්නට ඉඩ තිබුණි. එහෙත් වසර ගණනක සිට එක තරගාවලියක් ක්‍රීඩකයින් 15 ක් එකදිගට ක්‍රීඩා කරන්නේ නැත. ස්ථාන අස්තාවරයි. පරීක්ෂණ පමණයි. 2018 වසරේ ලංකාව තරග 15 ක් ක්‍රීඩා කර ඇති අතර එයින් ජයගෙන ඇත්තේ තරග 5 ක් පමණයි. තරගාවලි 4 කින් යන්තම් ජයගත්තේ වසර මුල බංගලි තරගාවලිය පමණයි. එයත් තියුණු තරගයකින් පසුයි.ඊයේ තරගයේ විස්තරය මෙසෙයි..Image may contain: 2 people, outdoorශ්‍රී ලංකාව සමග ඊයේ (17) පැවති තුන්වන එක්දින තරගයෙන් කඩුලු 7ක ජයක් ලබා ගැනීමට එංගලන්තය සමත් විය. මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයට ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් තරගය එක් පිලක් සදහා පන්දුවාර 21කට සීමා කිරීමට විනිසුරුවරුන් පියවර ගත්තා. කාසියේ වාසිය දිනු එංගලන්ත නායකයාගේ ආරම්භයෙන් මුලින් පන්දුවට පහර දිමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 21 ක අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 150 ක් රැස් කර ගනු ලැබුවා. ශ්‍රී ලංකා ඉණිම වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල ලකුණු 36, සධිර සමරවික්‍රම 35, දිනේෂ් චන්දිමාල් 34 ක් සහ දසුන් ශානක ලකුණු 21ක් රැස් කර ගනු ලැබුවා. පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම පන්දුවාර 18.3ක් තුලදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 153ක් වාර්තා කර ගනිමින් සිය ජයග්‍රාහී ඉලක්කය සපුරා ගැනීමට සමත් වුවා. එංගලන්තය වෙනුවෙන් නායක ඉයන් මෝගන් පන්දු 49 ක් තුලදී ලකුණු 58ක් රැස් කර ගැනීමට සමත් වුනා. ශ්‍රී ලංකාවේදී පිට පිට එක්දින තරග දෙකකදී අර්ධ ශතක රැස් කළ පළමු එංගලන්ත නායකයා බවට ඔහු ඊයේ වාර්තා පොත් අතරට එක්වූවා. මේ වන විට එක්දින තරගාවලියේ තරග 2-0ක් ලෙස එංගලන්තය පෙරමුණ ගෙන සිටිනවා.