14 වන ආසියානු කුසලාන සැණකෙළිය ඇරබීමට පැය කිහිපයයි තරගාවලියේ ප්‍රධානම තුරුම්පුව මාලි බව ජාත්‍යන්තර මාධ්‍ය කියයි. උපුල් තිසර KJP දසුන් තීරණාත්මකයි

14 වන ආසියානු කුසලාන සැණකෙළිය ඇරබීමට පැය කිහිපයයි තරගාවලියේ ප්‍රධානම තුරුම්පුව මාලි බව ජාත්‍යන්තර මාධ්‍ය කියයි. උපුල් තිසර KJP දසුන් තීරණාත්මකයි
14 වන වතාවටත් පැවැත්වෙන “ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය” හෙට (15) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වෙනවා. ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ඩුබායි ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන ක්‍රිකට් තරගයෙන් මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වෙනවාආසියානු කුසලාන තරගාවලියේ ඉතිහාසය 1984 සිට ක්‍රියාත්මක වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙතෙක් 13 වතාවක් පවත්වා තිබෙනවා. ඒ අතරින් ඉන්දීය කණ්ඩායම 6 වතාවක් ශූරතාවය දිනාගෙන සිටින අතර ශ්‍රී ලංකාව පස්වතාවක් ශූරතාවය දිනා ගැනීමට සමත්ව තිබෙනවා. ඊට අමතරව පාකිස්තානය දෙවතාවක් ආසියානු කුසලානය ජයග්‍රහණය කර ඇත. ලහිරු තිරිමාන්න 2014 දී තරගාවලි වීරයා වන අතර ඔහු තරග 5 ලකුණු 279 හොඳම 102 ශතක 2 ලබා ගත්තත් මේ වන විට තිරිමාන්නට කණ්ඩායමේ අවස්තාව අහිමිවී බොහෝ කාලයක් වනවා ශ්‍රී ලංකා – බංග්ලාදේශ දත්ත ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය මේ දක්වා ජාත්‍යන්තර ක්‍රිකට් තරග 44කට සහභාගී වී තිබෙන අතර එයින් තරග 36ක ජය වාර්තා කරගෙන ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. දෙරට අතර එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ වැඩි වාසිය ශ්‍රී ලංකාවට හිමිවෙද්දී කෝඩුකාර බංග්ලාදේශය ඉන් තරග 6ක ජය හිමිකරගෙන තිබෙනවා. තරග දෙකක් ප්‍රතිඵලයක් රහිතව අවසන් වී ඇත. ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා – බංග්ලාදේශ දත්ත ශ්‍රී ලංකාව ආසියානු කුසලානයේ එක්දින තරග 52කට සහභාගී වී ඉන් තරග 35ක් ජයග්‍රහණය කරමින් 68.62% තරග ජයග්‍රහණය කිරීමේ ප්‍රතිශතයක් රඳවා ගනිද්දී, බංග්ලාදේශ කණ්ඩායම තරග 42කට සහභාගී වී ජයග්‍රහණය කර ඇත්තේ තරග 7ක් පමණි. ඔවුන්ගේ තරග ජයග්‍රහණය කිරීමේ ප්‍රතිශතය 16.66% වැනි අගයක පවතී.නිමා වූ “SLC T20” ක්‍රිකට් තරගාවලියේ ඉතාමත් හොඳින් දස්කම් අතරට පැමිණෙමින් වේගයෙන් ලකුණු රැස්කළ උපුල් තරංග මේ තරගයේ දී කැපී පෙනෙන ක්‍රීඩකයෙක් වනු ඇත. තැනට සුදුසු ලෙස ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් වන තරංගට ඉතාමත් ඉක්මනින් තරගයක් වෙනස් කිරීමට හැකියාව පවතිනවා. බංග්ලාදේශය සතුව සිටින ප්‍රබල, ප්‍රහාරාත්මක වමත් ආරම්භක පිතිකරුවෙක් වන තමීම් ඉක්බාල් ද බංග්ලාදේශය සතුව සිටින ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයෙක්. නමුත් මේ තරගය සඳහා ඔහුගේ සහභාගීත්වය තවමත් තහවුරු වී නොමැත්තේ ඔහු යම් ආබාධයකින් පසුවීම නිසාවෙනි. තරංග ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 228කට ක්‍රීඩා කරමින් ලකුණු 6873ක් ලබාගෙන ඇත්තේ 35ක් වැනි හොඳ මට්ටමක දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගනිමිනි. තමීම් ඉක්බාල් ජාත්‍යන්තර ක්‍රිකට් තරග 182ක් ක්‍රීඩා කරමින් ලකුණු 6305ක් ලබාගෙන ලකුණු 36කට ආසන්න දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙන ඇත. තිසර පෙරේරා හා මහමදුල්ලාතිසර පෙරේරා කියන්නේ ශ්‍රී ලංකාවේ මැදපෙළ සවිමත් කරන්න පුළුවන්කම තියන තවත් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඔහුට තරගය පවතින වාතාවරණය අනුව ඉක්මනින්ම හැඩගැසීමට හැකියාව තිබෙනවා. එමෙන්ම මහමදුල්ලා ද ඒ හා සමාන තවත් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. දකුණතින් මද වේගපන්දු යවන තිසර ජාත්‍යන්තර ක්‍රිකට් තරග 138ක් ක්‍රීඩා කරමින් ලකුණු 1734ක් ලබාගන්නා විට විට පන්දු යැවීමෙන් කඩුලු 156ක් දවාගෙන තිබෙනවා.Image result for upul tharangaමහමදුල්ලා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 156ක් ක්‍රීඩා කරමින් ලකුණු 3437ක් ලබාගෙන ඇති අතර දකුණතින් පිට දඟපන්දු යවන මහමදුල්ලා කඩුලු 70ක් දවාගෙන තිබෙනවා. මේ තරගයේ දී ශකිබ් අල් හසන් ආබාධයක් නිසාවෙන් ක්‍රීඩා නොකිරීමට වැඩි ඉඩකඩක් ඇති නිසා මහමදුල්ලා හට බංග්ලාදේශ කණ්ඩායමේ වැඩි වගකීමක් හිමිවනු ඇත. ලසිත් මාලිංග හා මෂ්රෆි මොර්ටාසාවසරක පමණ විරාමයකට පසුව නැවතත් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට පිවිසීමට වරම් දිනා ගත් ලසිත් මාලිංගගේ දස්කම් දෙස ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් පමණක් නොව මුළු ලෝකයේම ප්‍රේක්ෂකයින් අවධානයෙන් සිටීම පුදුමයට කරුණක් නොවේ.මෂ්රෆි මොර්ටාසා බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වයේ වගකීම් ද සමඟින් හෙට තරගයට අවතීර්ණ වේ. ලසිත් මාලිංග හා මෂ්රෆි මොර්ටාසා යන දෙදෙනාම කඩුලු 245කට වඩා දවාගෙන තිබෙන අතර මාලිංග කඩුලු 301ක් දවාගෙන තරගයේ සිටින අත්දැකීම් බහුලම පන්දු යවන්නා ලෙස හෙට තරගය සඳහා අවතීර්ණ වෙනු ඇත.තරගාවලියේ තරගයක දී කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් ලබාගත් පන්දු යවන්නන් අතුරින් ලසිත් මාලිංග පෙරමුණේ පසුවේ. ඔහු අවස්ථා තුනක දී එම දක්ෂතාව සිදු කර ඇති අතර ඒ සැම අවස්ථාවක්ම පාකිස්තානයට එරෙහිව වාර්තා කර ඇත. තරගාවලියේ කඩුලු 5කට වැඩියෙන් ලබා ගත් අවස්ථා 11ක් වාර්තා වී ඇති අතර ඉන් අවස්ථා 7ක් ම හිමිකර ගෙන සිටින්නේ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ය. මාලිංගගේ අවස්ථා 3ට අමතරව අජන්ත මෙන්ඩිස් (02), මුත්තයියා මුරලිදරන් (01) සහ ෆර්විස් මහරූෆ් (01) එම අවස්ථාවන් ලබාගෙන ඇත.Image result for upul tharangaඩුබායි තණතීරුව හා කාසියේ වාසියේ වැදගත්කම කාසියේ වාසිය දිනා ගන්නා කණ්ඩායම බොහෝ දුරට පළමුව පන්දු යැවීම තෝරාගනු ඇත. එසේම මේ දිනවල ඩුබායි අවට දේශගුණික තත්වය ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඉතාමත් හොඳ තත්වයක පවතින අතර සෙල්සියස් අංශක 30 – 35 අතර උෂ්ණත්වයක් අපේක්ෂා කිරීමට හැකිය. අවසන් නිගමනය ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරග ඉතිහාසය බැලූ විට ශ්‍රී ලංකාවට වැඩි වාසි හිමි වේ. ලෝක කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අතරින් බැලූ විට ශ්‍රී ලංකා කණ්ඩායම 8 වන ස්ථානයේ පසුවන අතර බංග්ලාදේශ කණ්ඩායම 7 වැනි තැන පසුවෙයි. නමුත් ඒ කිසිවක් අදාළ වන්නේ නැත. අදාළ වන්නේ තරගය පැවැත්වෙන දිනයේ දී අඩුපාඩුකම් අවම කරගෙන ක්‍රීඩා කිරීමයි. එසේ ක්‍රීඩා කරන කණ්ඩායමට නිසැක වශයෙන්ම තරගය ජය ගැනීමට හැකිය. ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන ක්‍රිකට් තරගය හෙට (15) ශ්‍රී ලංකා වේලාවෙන් සවස 5ට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ. thepapare ඇසුරින් උපුටාගැනීමක්