2018 වැඩිම ලකුණු ගත්ත අපේ පිතිකරුවා තිසර. ලෝකෙන්ම 30. පළමු 30 ඇතුලේ සිම්බාබ්වේ 3 ක් ඇෆ්ගනියන් 3 ක් අයර්ලන්ත 3 ක්. අපේ ක්‍රිකට් වලට වුන විනාශය

2018 වැඩිම ලකුණු ගත්ත අපේ පිතිකරුවා තිසර. ලෝකෙන්ම 30. පළමු 30 ඇතුලේ සිම්බාබ්වේ 3 ක් ඇෆ්ගනියන් 3 ක් අයර්ලන්ත 3 ක්. අපේ ක්‍රිකට් වලට වුන විනාශය
තිසර පෙරේරා තරග 16 අර්ධ ශතක 2 යි ලකුණු 404 යි වැඩිම 64 යි සාමාන්‍ය 37 යි. ඒ 2018 දී ලෝක පිතිකරුවන්ගේ ලයිස්තුවේ 30 වන ස්ථානය ලබා ගනිමින්. ලෝකයේ ක්‍රිකට් වල ලංකාවේ විශේෂඥ පිතිකරුවකුට පළමු 10 ටවත් ඒමට නොහැකි අතර 30 වන ස්ථානයටද පැමිණ ඇත්තේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. ලෝකයෙන් 37 වන ස්ථානය හා ලංකාවේ 2018 දී වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන්ගෙන් 2 වන ස්ථානය ලැබෙන්නේ කුසල් ජනිත්ටයි. ඔහු තරග තර 12 අර්ධ ශතක 3 යි ලකුණු 367 යි. සාමාන්‍ය 33 හොදම ලකුණ 81 යි. ලෝක ලයිස්තුවේ 45 වන ස්ථානයේ ලංකාවේ 3 වන ස්ථානයේ සිටින්නේ දික්වැල්ලයි. ඔහු තරග 13 යි අර්ධ ශතක 2 යි. සාමාන්‍ය 29 යි. ලකුණු 329 යි හොඳම 69 යි. ඉන් අනතුරුවයි ක්‍රිකට් පෙළහර පාන්න ලංකාවට ආ හතුරුසිංහ ලබරෝයිගේ කතාන්දරය තිබෙන්නේ. ලෝක ලයිස්තුවේ 46 හා 49 ස්ථානයේ සිටින ක්‍රීඩකයන් දෙදෙනා වන මැතිව්ස් සහ තරංග නම් ජෙෂ්ටයන් දෙදෙනා කපා 2018 වර්ෂය පුරාවටම තරග 13 කදී ලකුණු 174 ක් ලබා සිටින කුසල් මෙන්ඩිස් කණ්ඩායමට දමාගෙන අරාජික වූ කණ්ඩායම කෝලමක් කර තිබීමයි. එයින් බින්දු 5 ක්ම අයත්. සාමාන්‍ය වන්නේ 13 ක්. කුසල් මෙන්ඩිස් 2018 වසරේ ලෝක ලයිස්තුවේ සිටින ස්තානයක්වත් සොයාගැනීමට නොහැක. අකිල ධනන්ජය පන්දු යවන්නෙක් වී ලකුණු 173 ක් ලබා තිබීමත් හාස්‍යට කාරණයක්. මෙසේ එක දිගට අවස්ථා ලබා දී හතුරුසිංහ කරන්නේ මේ කුඩා ක්‍රීඩකයාගේ අනාගතයද නැති කිරීමක්. මැතිව්ස් තර 8 කදී ලකුණු 315 ලබා ඇති අතර හොඳම 97 වගේම අර්ධ ශතක 2 ක් සාමාන්‍ය 52 ක්. ඒ වගේම ලංකාවේ සිටින ජේස්තම පිතිකරු 2017 වසරේ 1000 සම්පුර්ණ කල ලොව 3 වන පිතිකරු මෙවර 49 වන ස්ථානයේ සිටින අතර තරග 14 ලකුණු 304 යි හොදම ලකුන බංගලි තුන්කොන් තරගාවලියේ අවසන් තරගයේ වීරයා වූ ඉනිම ලකුණු 56 ක්. සාමාන්‍ය 25 ක්.Image result for sri lanka cricket practiceතරංග තරග 14 ක් හා මෙන්ඩිස් 14 ක්‍රීඩා කර ඇති අතර තරංගට වඩා මෙන්ඩිස් දිගින් දිගටම හොද වීම ප්‍රශ්නයක්වන අතර තරංග මැතිව්ස්ට විකල්පයක් ලෙස අශාන් ප්‍රියන්ජන්, මුණවීර, කවිඳු මෙන්ඩිස්, තිරිමාන්න, දිමුත් වැනි ක්‍රීඩකයන් පසු පස පෙලට සිටියත් කුඩා හෝ අවස්තාවක් ලැබුනහොත් හතුරුසිංහ එය ලබා දෙන්නේ දිගින් දිගටම අසාර්ථක වන කුසල් මෙන්ඩිස්ට පමණයි. ලෝක කුසලානයට මාස 6 කටත් වඩා අඩු කාලයක් තබාගෙන කණ්ඩායමේ සිටින ජෙෂ්ටයන් කපමින් ඔවුන්ට ආදේශ ලෙස ලිලිපුට්ටන් යොදමින් නටන නාඩගම අතිශය විහිළුවක්. මාලිංග කණ්ඩායමට ගන්නා තුරු මාධ්‍ය වෙබ් හා සමාජ මාධ්‍ය වසර එක හමාරක් බෙරිහන් දුන් අතර එහි ප්‍රතිපල ඇස්පනාපිට අපට දැකගන්න තිබේ. ඔහු නොසිටින්න පන්දු යැවීමක් අපට නැති අතර පිතිකරු ලැයිස්තුවට මෙන්ම විශාල හෙනයක් ඔහුගේ පන්දුවාර අතහරි පසු මේ තරගාවලි දෙකේදී දැක්නට පුළුවන්. අනෙක් කාරණයනම් 2019 ලෝක කුසලානය සිහිනයක් වන අතර දැන්ම ශ්‍රී ලංකා වාසින් මෙම අරාජික ක්‍රීඩාව පිළිබද බලාපොරොත්තු තබා නොගැනීම ඇගට ඉතා හිතකරයි. කෝටි ගණන් ගෙවා පුහුණුකරුවන් සහ පහසුකම් ඒවගේම ක්‍රීඩක පඩි ගෙව්වත් ස්කොට්ලන්ත ඇෆ්ගන් අයර්ලන්ත අරාබි සිම්බාබ්වේ ක්‍රීඩකයන් තරම්වත් ලංකාවට ක්‍රිකට් දැන් නොහැකි බව සහතිකයි. 2018 වැඩිම ලකුණු ගත් පිතිකරණ ලයිස්තුවේ පළමු 30 ඇතුලත එකම ලාංකිකයා වන්නේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පමණයි. ඒ ලැයිස්තුව ඉහල පළමු 30 අතර සිම්බාබ්වේ ටේලර් 7 වන ස්ථානයේත් මසගඩ්සා 15 රාසා 17 ස්ථාන වලත් ඇෆ්ගනියන්ගේ රහමත් ශා 8 ස්ථානයේත් ශේශාඩ් 13 නබි 22 ස්ථානවලත් ස්කොට්ලන්තයේ මැක්ලෝඩ් 18 අයර්ලන්තයේ බල්බ්රින් 19 පොටෆිල්ඩ් ස්ටාලින් 24 ස්ථානවලත් සිටිනවා. එසේම අරාබි ක්‍රීඩක ශේෂඩ් 21 වන ස්ථානයේ සිටීමත් කණගාටුවට කරුණකි.මෙම දත්ත හිටපු හා වෙන්න සිටින සභාපති සුමතිපාලට පෙන්වුවානම් වරක් ඔහු පාර්ලිමේන්තුවේදී පැවසු ආකාරයට පවසාවි ‘අපි සතුටු වෙන්න ඕන අනිත් අයගේ ක්‍රිකට් දියුණු වෙන එකට’ යනුවෙන්. එයින් පෙන්වන්නේ අනෙක් අතට අපේ පරිහානියයි. අනුන්ගේ දියුණුව අපට සතුටු වුවත් තමන්ගේ පරිහානිය ගැන සතුටු වන්නෙක් ඇත්නම් ඔහු අනිවාරෙන් මිහිපිට කාලකන්නියෙකි.Image result for sri lanka cricket practiceමේ ක්‍රිකට් කණ්ඩායම ගොඩගැනීම දෙවියන්ටවත් කල නොහැක. ඒ කණ්ඩායම බාරව සිටින්න යක්ෂයන් වන නිසා. මුන් තවත් මට්ටුවී නැති අතර මුන් මට්ටුවෙන ජාතියකුත් නොවේ. 2019 ලෝක කුසලානයට මාලිංග පවසනවාක් මෙන් අද සිටින කණ්ඩායමෙන් කියක් යාවිදැයි සැක සහිතයි. උන්ගේ රුචි අරුචිකම් අනුව කණ්ඩායමක් ලෝක කුසලානයට යනු ස්ථිරයි. කාලකන්නි කල ක්‍රීඩාවෙන් අප ඉවත්වී අපේ වැඩක් බලාගෙන සිටීම හැර වෙනත් විකල්පයක් නැති අතර කොතරම් ක්‍රිකට් ගැන සමාජය, මාධ්‍ය කතා කලත් ඒවා කනකටවත් ඇහෙන්නේ නැති බලධාරීන් පුහුණුකරුවන් දේශපාලකයන් ක්‍රිකට් වලට හෙන ගස්සමින් කෝටි ගණන් මුදල් ගැනීමෙන් ජිවත් වෙයි.Image result for hathurusinha labaroy dayasiri thilangaඑසේම මෙම විනාශයට මුල දයාසිරිනම් ක්‍රීඩා ඇමති හා පක්ෂ හිතවතා සභාපති හා ඔවුන්ගේ පක්ෂය වෙනුවෙන් පක්ෂයේ නායකයා අපේ එකා අපට හොදා යන අදහසින් මෙතරම් විනාශ වීමට ඉඩදීමත් දැන් සිටින ක්‍රීඩා ඇමතියා පක්ෂයේ නායකයාගෙ උපදෙස් මත නිලවරණය හා සියල්ල කල්මරමින් සිටීමත්ය. තවද අයිසිසිය විසින් දැනට වසර ගණනක සිට බරපතල තත්වය ගැන රටේ මහා පුටු දෙක දැනුවත් කලත් කොන්දක් නැති ඒ පුටු දෙක තවමත් රෙද්ද අස්සේ මුණ ගසාගෙන සිටින උන් මෙන් අද වෙනතුරු ක්‍රිකට් පිළිබද එක කෙල බිදක් හෙලාද නැත.