lanka_2

ලසිත් මාලිංග නැවත් ද. අප්‍රිකා එක්දින තරගාවලියේ සිට කණ්ඩායමට. අවසන් තීරනය පුහුණුකරු චන්දික අතේ

එළැඹෙන 2019 ක්‍රිකට්‌ ලෝක කුසලාන සඳහා ක්‍රීඩකයන් කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව, පුහුණුකරුවන් සහ භෞතචිකිත්සක අතර විශේෂ සාකච්ඡාවක්‌ පවත්වා ඇති අතර එහිදී ලෝක කුසලානට සහභාගි වන ක්‍රීඩකයන්ගේ ඉදිරි තරග සැලැස්‌ම කෙසේ විය යුතුද යන්ද දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සංචිතයේ සිටින ක්‍රීඩකයන් 25 දෙනා අතර තරගකාරීත්වයක්‌ නිර්මාණය කිරීම සඳහා මීට මාස හයක සිට ලෝක කුසලානට සහභාගි වන ක්‍රීඩකයන් අවම වශයෙන් ඉදිරියට ඇති තරග 15-20
රිලාසිරියාගේ අසීමිත කෙනහෙලිකම් වලට මූන දීපු මාලිට මුස්තාපගෙනුත් අවස්ථාවක් නැති නිසා පිටියෙන් සමුගන්න සැරසෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට සැරසෙන බවට විදෙස් ආරංචි මාර්ග සඳහන් කරනවා. කෙතරම් දක්ෂතා දැක්වුවත් තමන්ට ශ්‍රී ලංකා කණ්ඩායමේ අවස්ථාවක් නොලැබීම හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන ඇති බවටයි එම වාර්තා වැඩිදුරටත් පවසන්නේ. එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ වනවිට විදෙස්ගතව සිටින මාලි ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව මෙම තීරණය නිළ වශයෙන් ප්‍රකාශ කරනු ඇති බවයි. මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම වේගපන්දු
සුමතිපාලගේ සැලසුම් සියල්ල කොට උඩ යයි. 31 ක්‍රිකට් නිලවරනයට අධිකරණ නියෝගයක්. දිනයක් නැතිව කල් යයි

හෙට පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය වළක්වාලමින් අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් පනවනු ලැබුවා. ඒ, ක්‍රිකට් සභාපති ධුරයට ඉදිරිපත් වී සිටින නිශාන්ත රණතුංග ගොනුකළ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවයි. ඒ අනුව ජුනි මස 14 වැනිදා දක්වා ක්‍රිකට් නිලවරණය පැවැත්වීම වළක්වාලමින් අභියාචනාධිකරණය මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබෙනවා. ඔහු එම පෙත්සම ගොනුකර තිබුනේ තිලංග සුමතිපාල මෙවර නිලවරණයට තරග වැදීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලමින්. මෙම පෙත්සමෙන්
ඉන්දියාවේ උන් අපේ ක්‍රිකට් වලට අද හිනා වෙන්නේ සල්ලි නිසා අම්මලත් පාවා දෙන ඉන්දික වගේ කාලකන්නි පරයන් නිසා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සත්කාරකත්වය දරන තරගාවලියන්හි ශ්‍රී ලංකාවේ තනතීරූ ඉන්දීය බුකිකරුවන්ගේ අවශ්‍යතාවය මත සකසා තිබෙන බවට හෙළිව තිබේ. අල් ජසීරා මාධ්‍යය මගින් සිදු කළ විමර්ෂණයකින් මේ බව හෙළිකරන අතර ගාල්ල ක්‍රීඩාංගනයේ තනතීරූව මෙලෙසින් බුකිකරුවන්ගේ අවශ්‍යතාවය මත සැකසී තිබෙන බව කියවේ. මෙහිදි ගාල්ල ක්‍රීඩාංගණයේ නියෝජ්‍ය කළමණාකරු ලෙසින් කටයුතු කළ තරංග ඉන්දික නැමැත්තා බුකිකරුවන් ලෙසින් පෙනි සිටි අල් ජසීරා මාධ්‍යවේදීන්ට පවසන්නේ මින් කිහිපවතාවක්ම තමන් මෙලෙසින් තනතීරූව බුකිකරුවන්ට අවශ්‍ය පරිදි වෙනස් කළ
ඇහැට පේන ක්‍රිකට් පාවාදීමේ වීඩියෝවේ තියන දේවල් බොරු යයි කියමින් එහි සිටින ජීවන්ත හා දිල්හාර නිවේදනයක් නිකුත් කරයි

“මම කොහොමද ආයෙත් ක්‍රිකට් ගහන්නේ. මගේ කකුල කැඩුනට පස්සේ” ක්‍රිකට් කවුන්සිලය සිදුකරන පරික්ෂණයට උපරිම සහාය ලබා දෙනවලු. මුදලට තරග පවාදීමේ සිද්ධියට තමන් සම්බන්ධ බවට එල්ල කරන චෝදනා හේතුවෙන් සිය ප්‍රතිරූපයට හානි සිදුව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ජීවන්ත කුලතුංග පවසනවා. නිවේදනයක් මගින් ඔහු පෙන්වා දෙන්නේ ක්‍රීඩකයකු සහ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන තමන්ගේ ක්‍රිකට් වෘත්තියට මින් අවමානයක් සිදුව ඇති බවයි. එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවති පන්දුවාර විස්සයි විස්ස
ක්‍රිකට් තරග පාවාදීමේ සිද්ධිය තවත් උඩුදුවයි. දිල්හාර ජීවන්ත හසාන් රාසා හා කැන්ගරු එන්ගලන්ත ක්‍රිඩකයනුත් ඒ අතර

ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කි‍්‍රඩාංගනයේ පැවැති ටෙස්ට් කි‍්‍රකට් තරග දෙකක් අතරතුරදී බුකිකරුවන්ට අවශ්‍ය පරිදි තණතිල්ල සකසා ඇති බවට අල් ජසීරා පුවත් සේවය පළ කළ වාර්තාවට අදාළ නවතම වාර්තාවක් ඉන්දිය පුවත්පතක් මගින් අද (27) පළ කර තිබුණා. ඉන් පැවසෙන්නේ අදාළ සිද්ධියට හිටපු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කි‍්‍රඩකයින් දෙදෙනෙකු සහ පකිස්තාන කී‍්‍රඩකයෙකු සම්බන්ධ බවයි. අදාළ පුවත්පත වාර්තා කර ඇති අන්දමට ඊට සම්බන්ධ වී ඇත්තේ දිල්හාර ලොකුහෙට්ටිගේ සහ ජීවන්ත කුලතුංග යන ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයින්. එමෙන්ම
කොදෙව් සංචාරයට සහභාගි විමට නොහැකි වීම ගැන කණගාටුවන ධනන්ජය තමාගේ පුද්ගලිකත්වයට ගරු කරන්නයි ඉල්ලයි

රත්මලාන ප්‍රදේශයේදී ඊයේ (24) සිදුවූ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වූ දෙහිවල ගල්කිස්ස මහ නගරසභාවේ නාගරික මන්ත්‍රී රංජන් සිල්වා මහතාගේ පුතු වන ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පුද්ගලික කළමණාකරණ කණ්ඩායම ඒ සම්බන්ධයෙන් නිළ ප්‍රකාශයක් සිදු කොට ඇත. සිය පියාගේ අවාසනාවන්ත මරණය සම්බන්ධයෙන් මිතුරන්, ඇතුළු ලොව පුරා ක්‍රිකට් රසිකයින්ට කණගාටුවෙන් යුතුව දැනුම් දෙන බව ධනංජය ද සිල්වා එහිදී සඳහන් කර තිබේ. මෙම සියල්ලම සිදුවූයේ කොදෙව් සංචාරය සිදුවීමට නියිමිතව තිබූ සන්ධ්‍යාවේ බවද ඔහු සඳහන්
සුමතිපාලගේ සභාපති සිහිනයට පාර ඉඹේම කැපෙමින් යයි අපේක්ෂකයකු වූ හිටපු උපසභාපති ජයන්ත ධර්මදාස කලින්ම කැපෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය සදහා නාමයෝජනා ලබාදුන් හිටපු සභාපතිවරයකුවන ජයන්ත ධර්මදාස මහතාගේ නාමයෝජනාව නිලවරණ කමිටුව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ ඔහු පළමු පෙළ තරගාවලි සදහා ක්‍රීඩා කර නොමැතිවීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ. ක්‍රීඩා පනතට අනුව අවම වශයෙන් පළමු පෙළ ක්‍රිකට් තරඟාවලි සදහා ක්‍රීඩා කර නොමැති පුද්ගලයකුට ක්‍රිකට් නිලවරණය සදහා ඉදිරිපත් විය නොහැකියි. කෙසේවුවත් ජයන්ත ධර්මදාස මහතා වර්තමාන ක්‍රිකට් ආයතන නිලධාරී මණ්ඩලයේ උප සභාපතිවරයා ලෙස කටයුතු කර ඇති අතර ඊට
ක්‍රිකට් නිලවරනයට මේ පාර ඉදිරිපත් වෙන්නේ පට්ට අළුත් සෙට් එකක්නේ - මහේල ක්‍රිකට් නිලවරනයට දාපු උපහාසය

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතාට එරෙහිව තරග වැදීම සඳහා ජයන්ත ධර්මදාස, නිශාන්ත රණතුංග සහ මොහාන් ද සිල්වා යන මහත්වරු ඉදිරිපත්වී සිටින බව ක්‍රිකට් නිලවරණ කමිටුව නිවේදනය කරයි. සභාපති තනතුර සඳහා නම් හතරක් ඉදිරිපත් වී තිබුණද තරගය ඇත්තේ පාර්ශ්ව තුනක් අතර බවත් ඇතැම් විට එක පාර්ශ්වයක් අවසන් මොහොතේදී තරගයෙන් ඉවත් වුවහොත් සභාපති තනතුර සඳහා දෙපිලක් අතර සටනක් ඇතිවිය හැකි බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි. කෙසේ වෙතත් පසුගිය
අද මහේලට මුම්බායි කණ්ඩායමට අවසන් දවස. අද පැරදුනොත් ගෙදර. මහේල කණ්ඩායම වෙනස් කරයි. පොලාඩ් ඇතුලට

IPL 2018 තරඟාවලියේ තීරණාත්මක තරඟයක් අද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ කිංස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම අතර පැවැත්වෙන අතර අද තරඟය පරාජයට පත් වුව හොත් ඔවුනට 2018 IPL සිහිනය බැලීමේ අවසථාවක් නොලැබෙන අතර අද තරඟය ජය ගන්නට හැකි වුව හොත් ඔවුනට තවත් අවස්තාවක් ඉතිරි වනු ඇත. මුම්බායි කණ්ඩායම මේ වන තුරුත් කණ්ඩායමක් ලෙස එකතු වී ජයග්‍රහණ කරා යන බවක් දක්නට නොලැබෙන අතර තනි ක්‍රීඩකයන්ගේ දක්ෂතා මත ඉදිරියට යන බව පෙන්නුම් කරමින් ඇත.නායක