Players

ආසියානු කුසලානය පටන් ගන්න දවසක් තියෙද්දී ඩුබායි ඉදන් බුම්රගේ රැවුල් කට් එක ගහලා මාලිංග නටපු පිස්සුව

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග කතාබහට ලක්වී තිබෙන්නේ කලකට පසු නැවතත් ජාතික කණ්ඩායමේ අවස්තාවක් ඔහුට හිමිවීමත් සමගයි. ඒ ආරම්භ වීමට නියමිත ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා සංචිතයේ ස්ථානයක් මාලිංගට හිමි වීමත් සමගයි. මේ අතර ආසියානු කුසලානය සදහා සුදානම් වන මාලිංග සිය රැවුල් විලාසිතාව වෙනස් කර ඇති බවට වාර්තා වෙනවා. ලසිත් මාලිංගගේ නව රැවුල් විලාසිතාව ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රීත් බුම්රාගේ රැවුල් විලාසිතාවට අතිශය සමාන බවට සමාජජාලාවන්හී කතාබහක්
20 20 ලීග් තරගාවලිය චන්දි උපුල්ගේ කොළඹ කණ්ඩායමට ජය උපුල් තරගාවලිය දෙවනත් කරයි. ශතක 2 යි. හයේ පහර 28 යි

නායක උපුල් තරංගගේ අතිවිශිෂ්ඨ ඉනිම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ අන්තර් පළාත් තරගාවලියේ ශූරතාවය හිමි කර ගැනීමට කොළඹ කණ්ඩායම සමත් විය. තරගාවලිය ආරම්භ වූ පළමු තරගයේදීත් අතිවිශිෂ්ඨ ශතකයක් රැස් කළ උපුල්, තරගාවලිය පුරා දස්කම් පාමින් සිය කණ්ඩායම අවසන් වටයට ගෙන ඒමට සමත් විය. අවසානයේ අවසන් මහා තරගයේදීත් ශතකයක් රැස් කළ උපුල්, ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම සීමීත ඕවර පිතිකරුවා තමන් බව නැවතත් පසක් කරමින් සිය කණ්ඩායමට ජය ගෙන ආවේය. කොළඹ
ආසියානු කුසලානයට තව සති දෙකයි. ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් 20 20 ලිග් තරගාවලියේ සුපිරි දස්කම් අතර. සුපිරි ක්‍රීඩක තරංග හා දසුන් ඉහලින්ම

SLC 2020 ලිග් තරගාවලියේ අවසන් තරගය ඉරිදා(2) දඹුල්ල හා කොළඹ අතර පැවැත්වීමට නියමිතයි. පළමු වටයේ තරග අවසානයේ තරගාවලියේ කැපී පෙනෙන ක්‍රීඩකයන් ඇතුළු විස්තර ඇතුලත් Vlog සටහන පහත විඩියෝවෙන් බලන්න සැප්තැම්බර් 15 ඇරබෙන ආසියානු කුසලානයේ කාල සටහන Sep 15, Sat Bangladesh vs Sri Lanka, 1st Match, Group, Dubai International Cricket Stadium , Dubai Sep 16, Sun Pakistan vs TBC, 2nd Match, Group A,Dubai International Cricket Stadium , Dubai Sep 17, Mon
අනුෂ්කා ශර්මා නිසා කෝලි තරග පරදින බව කියූ මතය වෙනස් වෙයි තුන්වන ටෙස්ට් ජයේ ගරුත්වය නායක කෝලි අනුශ්කාට ලබා දෙයි

තමා දැක්වූ සියලු දස්කම් වල ගෞරව තම බිරිඳ අනුෂ්කා ශර්මාට හිමිවිය යුතු බවත්. ඇය නිරන්තරයෙන් තමාව ධෛර්යමත් කරන බවත් ඉන්දියානු නායක විරාත් කෝලි ප්‍රකාශ කළා. ඒ නිමාවූ එංගලන්ත ඉන්දියා තෙවන තරඟය ලකුණු 203කින් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවයි. මෙම තරඟයේ සුවිශේෂි දස්කම් දැක්වූ කෝලි පළමු ඉනිමේ ලකුණු 97ක් හා දෙවන ඉනිමේදී ලකුණු 103ක් රැස් කළා.තරඟයේ වීරයා සම්මානය හිමිකරගත්තේද ඔහුයි. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 329ක් රැස්කළ අතර, එංගලන්ත
තාත්තා හැම මැච් එකක්ම බලන්න ආවා එයා නැති එක ගැන ගොඩක් දුකයි එයා කොහේ හරි බලන් ඇති - ධනංජය පියා ගැන කියපු සංවේදී කතාව

තවත් සුපිරි ජයක් හිමි ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර T20 තරඟයේ වීරයා වුණේ ධනංජය ද සිල්වා. පිත්තෙන්, පන්දුවෙන් පන්දු රැකීමෙන් සුපිරි දස්කම් දක්වන්න ධනා සමත් වුණා. තරඟයෙන් පස්සේ තිබ්බ හමුවටත් ඔහු එකතු වුණා. “අපි Practice විදිය තමයි රහස. අපි දැනගෙන හිටියා එයාලගෙ Bowling Attack එක ගැන. එකට තමයි අප් Practice කරේ” කියලයි ධනංජය ජයග්‍රහණයේ රහස හෙළිකරේ. ආරම්භක පිතිකරුවෙක් වුන ධනංජය පහුගිය තරඟ කිහිපයේම ක්‍රීඩා කලේ මැදපෙළ. ධනංජය ඒ ගැන
තිලාන් මාලිංග 2020 ට එයි කියපු අනාවැකිය පාලගේ සිලෙක්ටර් ලැබරෝයි බොරුවක් කරයි. කැනඩාවේ තරගාවලියේ වැඩ පෙන්නලත් මාලි කපයි

දකුණු අප්‍රිකාව සමඟ ලබන 14 වනදා පැවැත්වෙන විස්සයි විස්ස තරඟය සඳහා ලසිත් මාලිංග නම් කර නැහැ. පසුගියදා මාධ්‍යට පිතිකරණ පුහුණුකරු තිලාන් පවසා සිටියේ තිලාන් 14 වනදා 2020 තරගයට ක්‍රීඩා කල හැකි බවයි. එහෙත් තිලංග සුමතිපාල විසින් ඔහුගේ හිතවත් තේරුම් කමිටු ප්‍රධානියා ලෙස පත් කල ලැබරෝයි මාලින්ගගෙන් දිගින් දිගටම පලිගනිමින් සිටින්නේ අත්දැකීම් බහුල කඩුලු ගතහැකි වේග පන්දු යවන්නෙක් කණ්ඩායමට නැති අතරෙයි. මේ තිලාන් සමරවීර මාලිංග ගැන කල ප්‍රකාශය එසේම අවසන්වූ කැනඩා
මන් වෙන ජොබ් එකක් කරන්නේ නැ ක්‍රිකට්වලින් තමයි ජීවත්වුණේ. මාව අයින් කලේ ඇයි කියන්න මන් දන්නේ නැ - හිටි හැටිය කැපුන තිලින තුෂාරගේ සංවේදී කතාව

තිලින තුෂාර මිරැන්ඩෝ යනු කලක් ලංකාවේ ආරම්භක පන්දු යවන්න ලෙස ක්‍රීඩා කල වමත් වේග පන්දු යවන්නා. 2008 සිට 2010 දක්වා එක්දින ජාතික කණ්ඩායමේ ස්ථාවර ස්ථානයක් දිනා සිටි තිලින 2003 දී ටෙස්ට් ක්‍රිකට් වරම් ලබනවා. 37 හැවිරිදි තිලින තුෂාර තවමත් ක්‍රීඩා කරන අතර ඔහු 2010 දී කණ්ඩායමෙන් ඉවත් වන්නේ යම් ආබාද තත්වයක් නිසාවෙන්. එහෙත් එදා පටන් දේශීය තරග වල හොදින් දස්කම් පැවත් දැනට වසර 8 ක් තුල කිසිම අවස්තාවක් වගකිව යුත්තන්
විදේශිකයාගේ කුමන්ත්‍රණය අවසන්. ප්‍රමාද වීමට ධනුෂ්කට දඩුවමක් දෙයි දකුණු අප්‍රිකා සංචාරයේ එක්දින තරග 5 සහ ටි 20 තරගය ධනුෂ්කට අහිමිවෙයි

කි‍්‍රකට් කී‍්‍රඩක ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරග 6 ක තහනමක් පනවා තිබෙනවා. කි‍්‍රකට් ආයතනය නිවේදනය කළේ විනය කඩ කිරීමක් හේතුවෙන් ඔහුට මෙම තරග තහනම පැනවූ බවයි. ඒ අනුව දකුණු අප්‍රිකා සංචාරයේ එක්දින තරග 5 සහ ටි 20 තරගය ධනුෂ්කට අහිමිව යනු ඇති. ඉකුත්දා නෝර්වේ ජාතික තරුණියන් දෙදෙනෙකු තමන්ට සිදුවූ හිරිහැරයක් සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපොල පොලීසිය වෙත පැමිණිල්ලක් සිදුකර තිබුණා. අදාළ චෝදනාව සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලකගේ මිතුරාටද චෝදනා එල්ල වූ අතර පසුව පොලීසිය විසින්
ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල ලංකාව එංගලන්තය සමග සමවෙයි දිමුත් තම ජිවිතයේ හොඳම ස්ථානයට දිල්රුවන් ලෝකයේ හොදම 10 අතරට

දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය ජයත් සමග එංගලන්ත කණ්ඩායම සමග ලංකාව ප්‍රසාද ලකුණු 97 බැගින් සමාන වනවා. එංගලන්ත ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රතිපල මත ලංකාව ඉදිරියට ඒම හෝ 6 වන ස්ථානයේ රැදීම තීරණය වෙයි. දිමුත් කරුණාරත්න තම ජිවිතයේ හොඳම පිතිකරණ ස්ථානයට පැමිණ තිබෙනවා. ඒ ලෝකයේ 7 වන ස්ථානය. ඒ දකුණු අප්‍රිකා තරගාවලියේ අර්ධ ශතක 3 ක් හා ශතකයක් ලබා ලකණු 356 ක් ලැබීමත් සමග. එසේම චන්දිමාල් 8 වන ස්ථානයේ සිටිනවා. පිතිකරුවන් පන්දු