Players

නායක චන්දිමාල්ගේ සුපිරි ශතකයෙන් අළුත්වුන වාර්ථා සහ King Kuma තැබූ සුභපැතුම් පණිවිඩය

ඊයේ චන්දිමාල්ගේ ඉනිම ගැන ගොඩක් අය කතා කරා. හොද නායකයෙක්ගේ ලක්ෂණ වගේම පරිණත ක්‍රීඩකයෙක්ගේ ලක්ෂණ චන්දි පෙන්නුවා කියලයි ක්‍රිකට් විචාරකයෝ කිවුවේ. ඊයේ ඉනිමේදී චන්දිමාල් වාර්තා කිහිපයක්ම අලුත් කරන්නත් සමත් වුනා. ඒ ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ටෙස්ට් පිතිකරුවෙක් වුන මහේල ජයවර්ධනවත් අභිබවා යමින්. මේ තියෙන්නෙ චන්දිමාල් ඊයේ අලුත් කරපු වාර්තා ටික. * අංක 4 හරි ඊට පහළින් හරි ක්‍රීඩා කරන ලංකාවේ පිතිකරුවෙක් ශතකයක් වාර්තා කරන්න ගන්න අඩුම ඉනිම් සාමාන්‍යට හිමි වාර්තාව
කොදෙව්වන් අන්ත අසරණ කල බ්‍රැඩ්ෂෝගේ සුපිරි ප්‍රහාරය..

ඊයේ(29) පැවති 4 වන එක්දින තරගයෙනුත් එංගලන්තය ජය ගත්තා. මේ වන විට 4-0 ලෙස කොදෙව්වන් සේදී යාමේ අවදානමක සිටින්නේ ලංකාව ඉන්දියාව හමුවේ සිදුවුනා මෙන්. 288/6 පිලිතුරු ලෙස එංගලන්තය පන්දුවාර 38 294/1 ලබා ගන්නවා. එහිදී ආරම්භක කඩුල්ලේ සම්බන්ධය 156 ක්. සුපිරි ආරම්භක පිතිකරු බ්‍රැඩ්ශෝ ලකුනු 141 පන්දු 114 න් 4 පහර 17 ක් සමග ලබා ගත්තා. එම සුපිරි ඉනිම පහතින් බලන්න
අපි අවධානමෙන් අයින්වුනා 2019 පෙරලියක් කරන්න පුළුවන් මේ යන්නේ අමාරුම කාලය

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන තරගවලදී සෑම අවස්ථාවකදීම පවා ශ්‍රී ලංකාව විශේෂ දක්ෂතා දක්වා ඇති බවත් එළැඹෙන 2019 ලෝක කුසලාන තරගාවලියේදීත් ශ්‍රී ලංකාව එය සිදු කිරීමට සූදානමින් සිටින බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින නායක උපුල් තරංග පවසයි. එංගලන්ත හා කොදෙව් කණ්ඩායම අතර පැවති එක්දින තරගය කොදෙව් කණ්ඩායම පරාජයට පත්වීමත් සමගින් ශ්‍රී ලංකාව ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලැබූ අතර ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල වෙබ් අඩවියට ප්‍රකාශයක් කරමින් තරංග මේ බව
"King kuma" ක්‍රිකට් පිටියෙන් සමුගයි. නයිට් පදවියක් දීමට එංගලන්තයේ සූදානමක්

සරේ ප්‍රාන්තය වෙනුවෙන් එංගලන්තයේ ප්‍රාන්ත තරගාවලියට සහබාගි වූ කුමා සංගක්කාර තරගාවලිය අවසන් කලේ ඉතිහාසයේ හොදම පිතිකරුවා ලෙසයි. ඔහු ඒ අනුව ක්‍රීඩාවෙන් සමුගත්තතා. තරගාවලියේ සෑම තරගයකම ශතකයක් ලබාගත් එකම ක්‍රීඩකයා කුමා සංගක්කාරයි. ඔහුට දැනටමත් ” කින් කුමා” ලෙසද නමක් එංගලන්තයේ පට බැදී අවසන්. තවද ඔවුන්ගේ ප්‍රාන්ත සියළු ක්‍රීඩකයින් සංගාට අමතන්නේ “සර්” ලෙස බව සදහන්. එසේම මේ තරගාවලියෙන් පසු සංගක්කාරට නයිට් පදවියක්ද හිමිවීමට ඉඩ ඇති බව ආරංචි වනවා. ඔහු පිටියෙන් සමුගත් ආකාරය
මෝන් අලී කොදෙව්වන් වනසයි. අවසන් පන්දු 15 ට 50 සමගින් ශතකයක්

එංගලන්තය හා කොදෙව්වන් අතර පැවැත්වෙන තෙවන එක්දින තරගයේ එංගලන්තය කඩුළු 9 ට ලකුණු 369 ක් ලබා ගත්තා. එහිදී මෝන් අලී සුපිරි ශතකයක් ලබා ගත්තේ පන්දු 57 කින්. එයට හයේ පහර 8 ක් ඇතුලත්. අවසන් ලකුණු 50 ලබාගන්නේ පන්දු 15 න් වීම විශේෂත්වයක්. එම ඉනිම පහතින් බලන්න.