Top stories

ඉතිහාසයේ කිසිම දිනක ප්‍රධාන තරගාවලියක් ජයගෙන නැති බංගලියන් දෙවන වතාවටත් මහා බලාපොරොත්තු තබයි. ආසියානු කුසලානය අද අවසන්

13 වන ආසියානු කුසලානය ජයගැනීමේ අරමුණින් ඉන්දියාව හා බන්ගලියන් අද තරග බිමට පැමිණෙනවා. ඉන්දියාව අද ජයගතහොත් ආසියා ශුරයින් ලෙස කිරුළු පළදින 7 වන අවස්තාව එයයි. බන්ගලියන් 2012 දී අවසන් තරගයට පැමිණියත් පකිස්තානය අතින් පරාජය වූ නිසා ඔවුන්ගේ පළමු ප්‍රධාන තරගාවලියක් ජයගැනීමේ සිහිනය බොද වූ අතර ඉන් පසු අවසන් තරගයකට පැමිණීමට ඔවුන්ට හැකියාවක් නොලැබුනි. බලන්ගලියන් අද තරගය ජයගතහොත් වසර 10 ක 15 ක සිට එක දිගට ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ගේ කණ්ඩායම ලබන
ඇෆ්ගනියන් පාකිස්තානයත් දනගස්සන්න ඔන්න මෙන්න තිබියදී මලික් යාන්තමින් ජාම් බේරයි. ක්‍රිකට්ලොව කොදෙව් ක්‍රමයට ඇෆ්ගන් ආක්‍රමණය

ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 වටයේ පැවති දෙවැනි තරගයේ දී ඇෆ්ගනිස්තානය පරදවා කඩුලු 3ක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට පාකිස්තානය සමත් විය. අබුඩාබි හි දි පැවති මෙම තරගයේ දී පාකිස්තානය ජයග්‍රහණය කළේ පන්දු 3ක් පමණක් ඉතිරිව තිබිය දී ය. තීරණය කුමකින් කුමක් වේ දැයි අවසාන මොහොත දක්වාම අවිනිශ්චිත වූ මෙම තරගයේ දී කෝඩුකාර ඇෆ්ගන්වරුන්ගේ සටන්කාමීත්වය ෂොයිබ් මලික්ගේ පිතිහරඹයත් සමඟින් වියැකි ගියේය. අවසන් පන්දු වාරයේ දී පාකිස්තාන ජයග්‍රහණය සඳහා ලකුණු 10ක් අවශ්‍ය
ඉන්දු පකිස්තාන පලමු ගැටුම ඉන්දියාවට ජය ගෙනෙමින් නිම වෙද්දී නැවත 23 හමුවෙයි. ලංකාවට දුවන්න දීපු ඇෆ්ගන් බංගලියන්ගේ තියුණු තරගය අද

ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගන් තරගය ජයගත්තානම් අද තරගය තිරානාත්මක තරගයක් වීමට තිබුනේ ඇෆ්ගන් බංගලි තරගය අද පැවැත්වෙන නිසා. එහෙත් මේ වන විට හොන්කොන් සහ ශ්‍රී ලංකාව ඉවත් වී අවසන්. ඇෆ්ගනිස්තානය මේ වසරේ ජුනි මාසයේ කල අවසන් බංගලි සංචාරයේදී 20 20 තරගාවලිය 2-1 ලෙස ජයගත් නිසා මේ තරගය ඉතා තියුණු එකක් වීම අනිවාර්යයි. එසේම ඔවුන් 5 වතාවක් මුණගැසී ඇති අතර බන්ගලියන් 3 වතාවක් ඇෆ්ගනියන් 2 වතාවක් බැගින් ජයගෙන තිබෙනවා. එක්දින තරගයකදී ඔවුන්
ක්‍රිකට් වලට වුන දේ ගැන නිදහසට කරුණු අහන්න නායකයා පුහුණුකරු හා වගකිව යුත්තන් ක්‍රීඩා ඇමති කැඳවයි. සුමතිපාලගේ තේරුම් ප්‍රධානියා ගෙදර යවන්න අවධානය

ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලද දරුණු පරාජය හේතුවෙන් ඒ සම්බන්ධයෙන් නිදහසට කරුණු විමසීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පියවර ගෙන තිබේ. මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙරටට පැමිණි වහාම වත්මන් ක්‍රිකට් තේරීම් කමිටුව, පුහුණුකරු සහ ක්‍රීඩකයන්ගෙන් කරුණු විමසීමට තමන් බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා ඊයේ (18දා) ජාතික ඔලිම්පික් කමිටු පරිශ්‍රයේදී මාධ්‍ය අමතා පැවසීය. එමෙන්ම අවශ්‍ය වුවහොත් වත්මන් ක්‍රිකට් තේරීම් කමිටුව ඉවත් කර ඒ සඳහා වෙනත් පුද්ගලයන් පත් කිරීමටද පියවර ගන්නා
1996 ලෝකකුසලාන අවසන් තරගය දිනයේ උදේ ටීම් එක පොලේ ගිය හැටි ගෙදර එකට උයන් කාපු හැටි සල්ලි පස්සේ නොගිය හැටි කියපු නායක අර්ජුන

අද වන විට රටේ සියලුම ක්ෂේත්‍ර හා ජනතාවගේ ආකල්ප පිරිහී ගිය යුගයක රටේ ආගමක් ලෙස සලකු ක්‍රිකට් ක්‍රීඩාවට මුදල් මුලික වූ නිසා වුන විනාශය හිටපු නායක අර්ජුන පැහැදිලි කරනවා. එසේම 96 දී තමන්ගේ නිවසේ කණ්ඩායම නවතාගෙන කල කැපකිරීම් කිසිදිනක වෙළද දැන්වීමක පෙනී නොසිටි ආකාරය හා අද වැටි තිබෙන තත්වය පැවසු හැටි ඇතුලත් සම්පුර්ණ vlog සටහනක් පහත විඩියෝව සම්පුර්යෙන් බලා දැනගන්න
මාලිංග නොසිටියානම් බංගලියන් ලංකාව තවත් අසරණ කරනවා නිසැකයි උඩපන්දුව ගිලිහුන නිසා රහීම් ඩුබායි දෙවනත් කරයි. තමිම්ගෙන් පුදුම ඉනිමක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ පළමු භාගය අවසන් වන විට බංගලාදේශය 261/10 ලබා ගත්තා. ඒ රහිම්ගේ විශිෂ්ට ඉනිම සමගයි. ඔහු ලකුණු 144 යි. ඒ ඔහු ඉනිමේ මුල් භාගයේ ලබා දුන් උඩපන්දුව දිල්රුවන් විසින් ගිලිහි ගිය නිසා. රහීම් ඒ ලංකාවට එරෙහි ලබාගත් පළමු ශතකය වෙනවා. පන්දු යැවීමේදී විශිෂ්ට ලෙස නැවත පැමිණි මාලිංග ඔහු ඉවත් කල දුෂ්ටයන් හට නිසි පිළිතුර ලබා දුන්නේ අනෙක් කිසිදු ක්‍රීඩකයකු සුපුරුදු පරිදි හරියාකාරව පන්දු නොයවපු පසුබිමක.
14 වන ආසියානු කුසලාන සැණකෙළිය ඇරබීමට පැය කිහිපයයි තරගාවලියේ ප්‍රධානම තුරුම්පුව මාලි බව ජාත්‍යන්තර මාධ්‍ය කියයි. උපුල් තිසර KJP දසුන් තීරණාත්මකයි

14 වන වතාවටත් පැවැත්වෙන “ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය” හෙට (15) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වෙනවා. ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ඩුබායි ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන ක්‍රිකට් තරගයෙන් මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වෙනවා ආසියානු කුසලාන තරගාවලියේ ඉතිහාසය 1984 සිට ක්‍රියාත්මක වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙතෙක් 13 වතාවක් පවත්වා තිබෙනවා. ඒ අතරින් ඉන්දීය කණ්ඩායම 6 වතාවක් ශූරතාවය දිනාගෙන සිටින අතර ශ්‍රී ලංකාව පස්වතාවක් ශූරතාවය දිනා ගැනීමට සමත්ව
ආසියානු කුසලානය පටන් ගන්න දවසක් තියෙද්දී ඩුබායි ඉදන් බුම්රගේ රැවුල් කට් එක ගහලා මාලිංග නටපු පිස්සුව

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග කතාබහට ලක්වී තිබෙන්නේ කලකට පසු නැවතත් ජාතික කණ්ඩායමේ අවස්තාවක් ඔහුට හිමිවීමත් සමගයි. ඒ ආරම්භ වීමට නියමිත ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා සංචිතයේ ස්ථානයක් මාලිංගට හිමි වීමත් සමගයි. මේ අතර ආසියානු කුසලානය සදහා සුදානම් වන මාලිංග සිය රැවුල් විලාසිතාව වෙනස් කර ඇති බවට වාර්තා වෙනවා. ලසිත් මාලිංගගේ නව රැවුල් විලාසිතාව ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රීත් බුම්රාගේ රැවුල් විලාසිතාවට අතිශය සමාන බවට සමාජජාලාවන්හී කතාබහක්
කණ්ඩායමෙන් කැපුන දික්වැල්ලට ආසියානු කුසලානයට නැවත පින පෑදෙයි. උප නායක චන්දි ආභාදය නිසා තරගාවලියෙන් ඉවතට

සැප්තැම්බර් මස 15 වනදා ආරම්භ වීමට නියමිත කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැදවා තිබෙනවා. ඒ ආබාධයකට ලක්ව සිටින දිනේෂ් චන්දිමාල් වෙනුවටයි. ඉකුත්දා පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි 20 තරගාවලියේදී දිනේෂ් චන්දිමාල් ගේ ඇඟීල්ලක ඇතිවූ ආබාධය මෙතෙක් සුව වී නැති අතර ඒ සදහා තව කාලයක් ගතවන බවට වෛද්‍යවරුන් නිගමනය කර තිබෙනවා. මේ හේතුවෙන් නිරෝෂන් දික්වැල්ල යලි ශ්‍රී ලංකා සංචිතයට කැඳවීමට තීරණය කර ඇති බවයි ශ්‍රී ලංකා